ගිලන් රථ රියදුරෝ එක්දින වැඩ වර්ජනයක

ගිලන් රථ රියදුරෝ එක්දින වැඩ වර්ජනයක

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දිවයින පුරා ගිලන් රථ රියැදුරන් ඇතුළු සෞඛ්‍ය ක්ෂත්‍රයේ අනෙකුත් රියැදුරන් හත්දහසකට ආසන්න පිරිසක් අද (09) දින වැඩ වර්ජනයක නිරත වන බව රජයේ සෞඛ්‍ය ගිලන් රථ සහ ප්‍රවාහන රියැදුරු සංගමයේ සභාපති ඩබ්ලිව්.ඩී.විජේසිංහ මහතා පවසයි.

බැංකු පොලී අනුපාත ඉහළ යෑම ඇතුළු කාරණා කීපයක් මුල්කරගනිමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කර ඇති අතර, මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කළද විසදුමකින් තොරව එය අවසන් වී ඇත.