ගුරුවරුන් වෙත විශේෂ දැනුම්දීමක්!

ගුරුවරුන් වෙත විශේෂ දැනුම්දීමක්!

2022 වර්ෂයට අදාළව මෙවර පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගයට  ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් යළි කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

මාර්ගගත ක්‍රමය ඔස්සේ ඒ සදහා 12 වෙනි දින සිට අයදුම් කිරීමට අවස්ථාව සළසා ඇත.

එය 15 වෙනි දින එනම් අද දිනෙන්  අවසන් වන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.

මීට පෙර අවස්ථා දෙකකදී මේ සඳහා අයදුම් පත් කැඳවා තිබුණ ද ඇගයීම් පරීක්ෂකවරුන් තම අයදුම් පත් යොමු කිරීම ප්‍රතික්‍ෂේප කර තිබුණේ ඔවුන්ට ලැබිය යුතු පිළිතුරු පත්‍ර ඇගයීමේ ගාස්තු නිසි පරිදි ලබා නොදීමට විරෝධය පළ කරමින් වේ.