උපාධිධාරින් ගුරු බඳවා ගැනීම සම්බන්ධයෙන් වෙනස් තීරණයක්!

උපාධිධාරින් ගුරු බඳවා ගැනීම සම්බන්ධයෙන් වෙනස් තීරණයක්!

උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා පවත්වන විභාගයට වයස අවුරුදු හතළිහට වැඩි උපාධිධාරීන්ට පෙනී සිටීමට ඉඩ නොදෙන්නැයි ගුරු වෘත්තීය සංගම් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිනවා.

වයස අවුරුදු හතළිහට වැඩි උපාධිධාරීන් දහසක් පමණ විභාගයට පෙනී සීටීමේ අපේක්ෂාවෙන් පසුවන බවට අමාත්‍යාංශයට තොරතුරු ලැබී තිබේ.

තමන්ට ද එම විභාගයට පෙනී සිටීමට ඉඩ දෙන්නැයි ඉල්ලමින් එම උපාධිධාරීන් අමාත්‍යාංශයට දැඩි බලපෑමක් එල්ල කරමින් සිටින අතර උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ දී ගුරු සේවා ව්‍යාවස්ථාව කිසිසේත් උල්ලංඝනය නොකළ යුතු බවට ගුරු වෘත්තීය සංගම් අධ්‍යාපන අමාත්‍යාංශයට දැඩි ලෙස අවධාරණය කර ඇත.

මෙම උපාධිධාරීන්ට විභාගයට පෙනී සිටීමට අවස්ථාව දෙන ලෙස ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ද අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්තගෙන් පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටි අතර එහිදී ඇමැතිවරයා ප්‍රකාශ කළේ ගුරු සේවා ව්‍යවස්ථාව උල්ලංඝනය වන අයුරින් කටයුතු කිරීමට නොහැකි බවය.

ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව ගුරුවරයකු ලෙස බඳවා ගත හැක්කේ වයස අවුරුදු තිස් පහට අඩු උපාධිධාරීන් පමණි.