ලංකා බැංකු සේවක සංගමය කළු විරෝධතා සතිය ආරම්භ කරමින් ජනාධිපති ලේකම් කාර්යලයට පැමිණෙයි

ලංකා බැංකු සේවක සංගමය කළු විරෝධතා සතිය ආරම්භ කරමින් ජනාධිපති ලේකම් කාර්යලයට පැමිණෙයි

අසාධාරණ බදු ප්‍රතිපත්තියට විරුද්ධව බැංකු සේවකයින් විසින් අත්සන් කරන ලද පෙත්සම ජනාධිපති ලේකම් කාර්යාලයට බාරදීම හා නිහඬ විරෝධතාවක් (23) දින ලංකා බැංකු සේවක සංගමය විසින් සිදුකරන ලදි.

ඒ අනුව, 2023 ජනවාරි මස 10 වැනි දින සියලුම බැංකු ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට සහ දිවයින පුරා සියලුම ශාඛාවන්හිදී අත්සන් කරන ලද විරෝධතා පෙත්සම (23) දින, එනම් ජනාධිපතිවරයා වෙත බාරදීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලංකා බැංකු සේවක සංගමයේ නායකයින් විසින් සිදුකරන ලදි.

මේ සම්බන්ධව ලංකා බැංකු සේවක සංගමය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන් පරිදි, 2022 වර්ෂයේදී වර්තමාන රජය විසින් සම්මත කරගනු ලැබූ 2022 අංක. 45 දරණ ආදායම් බදු පනතට (සංශෝධිත) හා 2023 වසරට අදාලව ඉදිරිපත් කරන ලද අයවැයෙන් සම්මත කරගත් අසාධාරණ බදු ප්‍රතිපත්තිය හේතුවෙන් බැංකු සේවක අප සාමාජිකත්වයට සහ වෘත්තිකයන්ට දැඩි බදු බරක් දැරීමට සිදුවන වටපිටාවක් නිර්මාණය වී ඇත.

එමෙන්ම සාමූහික ගිවිසුම උල්ලංඝණය වන තත්වයක් ද උද්ගත වී ඇත. මෙම තත්වය තුළ ලංකා බැංකු සේවක සංගමය ලෙස විවිධ වූ වැඩසටහන් මේ වනවිටත් ක්‍රියාත්මක කරමින් මෙම තත්වය පරාජය කිරීමට උපක්‍රමිකව කටයුතු කරමින් සිටී.

එහි එක් ක්‍රියාමාර්ගයක් ලෙස රජය විසින් අසාධාරණ ලෙස කම්කරුවන් වෙත පැනවීමට උත්සාහ දරන මෙම අසාධාරණ බදු ප්‍රතිපත්තීන්වලට විරුද්ධව සියලුම සාමාජිකයින්ගේ අත්සනින් විරෝධතා පෙත්සමක් වගකිවයුතු පාර්ශව වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.