රාජ්‍ය සේවක වැටුප ගැන රාජ්‍ය ඇමතිගෙන් පණිවිඩයක් -අද නිකුත්කල නවතම නිවේදනය මෙන්න

රාජ්‍ය සේවක වැටුප ගැන රාජ්‍ය ඇමතිගෙන් පණිවිඩයක් -අද නිකුත්කල නවතම නිවේදනය මෙන්න

සියලු රාජ්‍ය සේවකයින්ගේ ජනවාරි මස වැටුප අද (25) දිනයේ ලබා දී අවසන් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

විධායක සහ විධායක නොවන ශ්‍රේණිවල සියලු සේවකයින්ට අද දිනයේ වැටුප් ලබා දෙන බව ඔහු සඳහන් කළේය.

පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනවාරි මස වැටුප් ගෙවිම ප්‍රමාදවනු ඇති බවට පසුගියදා ප්‍රකාශ කර තිබුණි.

එහෙත් පසුගිය 23 වනදා වන විට වැටුප් ගෙවිම සඳහා මාසිකව වැයවන රුපියල් බිලියන 93ක මුදලින් රුපියල් බිලියන 87ක මුදලක් ගෙවා ඇති බව ද රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

මේ වන තෙක් වැටුප් හිමි නොවූ සියලු රාජ්‍ය සේවකයින්ට ජනවාරි මස වැටුප අද දිනයේ ලබා දෙන බව ඔහු සඳහන් කළේය.