රෝහල්වල සංකේත වර්ජනයක්

රෝහල්වල සංකේත වර්ජනයක්

ලංකාව පුරා රාජ්‍ය රොහල් තුල සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති එකමුතුව විසින් ඉල්ලීම් අටක් මුල් කර ගෙන උදැසන 8 .00 සිට 12.00 පැය දක්වා සේවයෙන් බැහැරව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

සේවයෙන් බැහැරව සංකේත වර්ජනයක් සිදු කරන අතර රෝහල් ඉදිරිපිට විරෝධතා පැවැත්වීමටද කටයුතු සූදානම් කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

එම ඉල්ලීම් වන්නේ,

  • ඖෂධ හා උපකරණ හිඟය කඩිනමින් පියවා ගැනීම සහ ශල්‍යකර්ම විධිමත්ව සිදුකරගැනීම.
  • අසාධාරණ ලෙස ඉහළ දැමූ බැංකු පොළී අනුපාත පහත දමා ගැනීම.
  • කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක රුක්ෂාන් බෙල්ලන ජාතික රෝහලෙන් ඉවත්කර ගැනීම.
  • සියලු සේවකයින්ට උද්ධමන හා ප්‍රවාහන දීමනාවක් ලබාගැනීම.
  • සෞඛ්‍ය සේවක හිඟය පියවා ගැනීම හා ස්ථාන මාරු විධිමත්ව සිදුකර ගැනීම.
  • අසාධාරණ බදු ප්‍රතිපත්තිය ඉවත්කර ගැනීම.
  • අතිකාල සීමා කිරීමේ චක්‍රලේඛය ඉවත්කර ගැනීම.
  • දින 05 වැඩ සතිය ලබාගැනීම.
  • වැඩිකළ විදුලි බිළ අඩුකර ගැනීම.