උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු ප්‍රමාදයෙන් අර්බුද රැසක් -ගුරු සංගමයෙන් අනතුරු හැඟවීමක්

උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු ප්‍රමාදයෙන් අර්බුද රැසක් -ගුරු සංගමයෙන් අනතුරු හැඟවීමක්
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත් ඇගයීමේ කටයුතු ඇරඹීම ප්‍රමාද වීම හේතුවෙන් මෙරට විභාග කාලසටහන් සැලසුම් තවදුරටත් කල්යන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා ප්‍රකාශ කරයි.
 
පිළිතුරු පත් ඇගයීමේ කටයුතු සඳහා දෛනික ගෙවීම රුපියල් 2,000කට සීමා කිරීම හේතුවෙන් ඇගයීම් කටයුතු සඳහා ගුරුවරුන් ඉල්ලුම් කිරීමේ ගැටළුවක් මතුව තිබෙන බවත් ඒ හේතුවෙන් යලිත් වරක් විභාග සැලසුම් කටයුතු වෙනස් වීමේ අවදානම මතුව තිබෙන බවයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කලේ.
 

"මේ අයදුම් නොකරන්න හේතුවෙලා තිබුණේ විශේෂයෙන්ම මේ උත්තර පත්‍ර ඇගයීම සඳහා ගෙවන දීමනාව අවම මට්ටමක පැවතීම. 22 සිට ඇගයීම් කටයුතු ආරම්භ වෙලා නෑ. එතකොට දැන් මේ තුළ වෙන්නේ සම්පූර්ණයෙන් ඉදිරි විභාගත් ක්‍රමාණූකූලව ප්‍රමාද වෙන එක. මෙතනදී අධ්‍යාපන ඇමතිවරයා මේ දීමනා මදී නිසා ඔහු විසින් රුපියල් 3,000කින් දෛනික දීමනාව වැඩි කරන්න කැබිනට් පත්‍රිකාවක් දැම්මා. මේ කැබිනට් පත්‍රිකාව තුළ මේ දෛනික දීමනාව රුපියල් 2,000යි දීලා තියෙන්නේ. මේක ප්‍රමාණවත් නෑ. ඒක නිසා මේක තවදුරටත් දීර්ඝ වීම තුළ ගුරුවන්ගේ අයදුම් කිරීම ප්‍රමාද වෙන්න පුළුවන්. ආණ්ඩුව දැන ගන්න ඕනේ මේ වෙලාවේ අවශ්‍ය වෙන්නේ මේ ඇගයිම් ක්‍රියාවලිය ශක්තිමත් කිරීම. අපිට අවශ්‍යයි අදාළ අවුරුද්දේ විභාගයට එන්න. එහෙම ආවොත් තමයි මේ අධ්‍යාපනයේ අර්බුදය අවසන් වෙන්නේ." යනුවෙන් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.