හිඟ වැටුප් ඉල්ලා ඇල්පිටිය ඩිපෝ සේවකයින් වර්ජනයේ

හිඟ වැටුප් ඉල්ලා ඇල්පිටිය ඩිපෝ සේවකයින් වර්ජනයේ
අලුත් අවුරුද්දට පෙර හිඟ වැටුප් ලබාදෙන ලෙස ඉල්ලමින් ඇල්පිටිය ශ්‍රී ලංගම ඩිපෝවේ සියලුම සේවකයින් පසුගිය 21 වෙනි දින මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කර තිබේ.
 
මේ හේතුවෙන් ඇල්පිටිය ඩිපෝවෙන් ආරම්භ කරන සියලුම බස් රථ ධාවනයෙන් ඉවත් වී ඇති බව එහි  සේවකයින් සඳහන් කරයි.
 

කෙසේ වෙතත් මෙම වර්ජනයෙන් මගී ජනයා බලවත් පීඩාවට පත්ව ඇති බවත්, දෛනික රාජකාරි සඳහා ඇල්පිටියෙන් පිටතට පැමිණෙන පිරිස් බලවත් අසීරුතාවට පත්ව ඇති බවත් අප වාර්තාකරු පවසයි.