රාජ්‍ය සේවයේ වැටුප්වලින් හරි අඩක් ආරක්ෂක අංශවලට

රාජ්‍ය සේවයේ වැටුප්වලින් හරි අඩක් ආරක්ෂක අංශවලට

රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා වෙන් කෙරෙන මුළු මුදලින් අඩක්ම( සියයට 48.% වැය කෙරෙන්නේ පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් වෙනුවෙන් බව පේරාදෙණිය සහ රුහුණ විශ්ව විද්‍යාලවල ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂඥයින් තිදෙනකු කළ පර්යේෂණයකදී තොරතුරු අනාවරණය කර තිබෙනවා.

මේ පර්යේෂණය කරනු ලැබුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතාගේ මූලිකත්වයෙන් මහාචාර්ය ප්‍රසන්න පෙරේරා සහ රුහුණු විශ්ව විද්‍යාලයේ ආචාර්ය නන්දසිරි කිහිඹියහෙට්ටි යන මහත්වරුන් විසිනි.

ඒ අනුව රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා වාර්ෂිකව වැය කෙරෙන මුදල රුපියල් කෝටි 69491ක්. මේ අනුව එම මුදලින් රුපියල් කෝටි 33940ක් ආරක්ෂක අංශ සාමාජිකයන්ට වැටුප් ගෙවීම සඳහා වැය කරන බව ඔවුන් පෙන්වා දෙනවා.

prof prasanna perera 1        prof wasantha athukorala           dr nandasiri keembiyahetti