රියැදුරන් 800 දෙනෙකු හා කොන්දොස්තරවරුන් 275 දෙනෙකු අලුතින් බඳවා ගැනීමට පියවර ගෙන ඇතැයි, ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් සඳහන් කළේ, කඩිනමින් අදාළ බඳවා ගැනීම් සිදුකරන බවයි.
ලංකා ගමනාගමන මණ්ඩලයේ පවතින රියැදුරු පුරප්පාඩු සංඛ්‍යාව, 1,035 ක්.
ඊට අමතරව කොන්දොස්තරවරු 450 දෙනෙකුගේ ද, හිඟයක් පවතින බව ලලිත් ද අල්විස් මහතා සඳහන් කළේ ය.
නව බඳවා ගැනීම් හරහා පුරප්පාඩු සංඛ්‍යාව අඩුවන බව, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා පැවසුවේ ය.