රාජ්‍ය සේවකයින්ට වැටුප් සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්!

රාජ්‍ය සේවකයින්ට වැටුප් සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්!

අප්‍රේල් මාසයේ රාජ්‍ය සේවක වැටුප ලබන 10 හෝ ඊට පෙර ලබා දෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි. 

 අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, රජයේ විශ්‍රාම වැටුප් මෙන්ම මේ මාසයට හිමි සමෘද්ධි දීමනාව ද, ලබන 10 හෝ ඊට පෙර ලබා දෙන බවය.

 ඒ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 135කට අධික ය. 

 මේ අතර, ඉන්ධන මිල අඩු කිරීමේ වාසිය පාරිභෝගික ජනතාවට ලබා දීමට ක්‍රියාකරන්නැයි, භාණ්ඩ හා සේවා සපයන්නන්ගෙන් ඉල්ලා සිටින බව ද, මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ය.