දුම්රිය ගොඩනඟනවානම් මේවා කළ යුතුමයි - ඇමතිවරයාගෙන් ඉල්ලීමක්

දුම්රිය ගොඩනඟනවානම් මේවා කළ යුතුමයි - ඇමතිවරයාගෙන් ඉල්ලීමක්

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් නුවරඑළිය දක්වා විදුලි දුම්රිය මාර්ගයක් ඉදිකිරීම සම්බන්ධයෙන් අවධාණය යොමු කිරීම සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට මහත් රුකුලක් වන ඉතා වැදගත් ක්‍රියාවක් බව දුම්රිය නගාසිටුවීම උදෙසා වු වෘතීය සමිති එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරන්නේ,

ඒ වගේම මැතකදි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා දුම්රියන් ගණනාවක් අළුතින් ආරම්භ කිරීම නිසා දුම්රියේ ආදායමද යම් ඉහල යාමක් ඇතිවි තිබේ.

අද කඩිනමින් ගත යුතු ක්‍රියා මාර්ග ගණනාවක් කෙරෙහි අමාත්‍යවරයාගේ අවධානය යොමු කිරීමට අප අදහස් කරන්නෙමු.

දැඩි ලෙස අබලන්ව ඇති කොළඹ තදාසන්න දුම්රිය මාර්ගය විශේෂයෙන් මුහුදුබඩ හා කැළණි වැලි මාර්ග පද්ධතියේ පවතින පැයට කිලෝමිටර් 8 , 10, 15, 20 හා 30 අධිවේග සීමාවන් ඉවත් කිරීම කඩිනම් කල යුතුය.

දැනට උතුරු දුම්රිය මාර්ගයේ අළුත් වැඩියාව සදහා ගලවා ඉවත්කරන ලද රේල් පීලි , සිල්පර මේ සදහා යොදාගත හැකි වුවද ඒවා ගලවා මාස ගණනාවක් ගතවුවද තවමත් ඒ සදහා අවධානය යොමු නොකරන්නේ ඇයිද යන්න බරපතල සැක සංකා මතු කරන කරුණකි.

ඩොලර් මිලියන 10 කට වැඩි මුදලක් වැය කර අටවා ඇති මේහේයුම් අවශ්‍යතා වෙනුවෙන් භාවිතයට භාවිතය සදහා වන සන්නිවේදන පද්ධතියෙන් කිසිදු ප්‍රයෝජනයක් නැත.

එය ප්‍රයෝජනවත් ආකාරයට සකස් කිරීම උදෙසා අප ලබා දුන් යෝජනා සම්බන්ධයෙන් මේ දක්වා නිසි අවධාණයක් යොමු කර නැත.

එසේම මගීන්ට දුම්රියන් ගමන් ගන්නා වේලාවන් සජීවිව දුරකථන යෙදුම් ඔස්සේ දැන ගැනීමට පහසුකම් සැපයීමට මෙම පද්ධකිය යොදා ගත හැකි වුවත් ඒ සදහා අවධාණය යොමු කර නැත.

ඒ වගේම ඇ. ඩො. මිලියන22 ක් වැය කර මිලදි ගෙන ඇති ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ විද්‍යුත් ක්‍රම වෙදය මේ වන විට දෙපාර්ත මෙන්තුවට අදාල චීන සමාගම විසින් භාර දිය යුතුව ඇතත් එය භාර දෙන දවසක් තීයා ඒ වෙනුවෙන් කිසිදු ක්‍රියා මාර්ගයක් ආරම්භ කරවත් නැත.

එම පදධතිය භාර දීම වෙනුවෙන් එම සමාගමට දිගින් දිගටම කාලය ලබා දීම පිලිගත නොහැකි ක්‍රියාවකි.

දිගින් දිගටම සිදුවන දුම්රිය පීළි පැනීම්, වන අලි දුම්රියේ ගැටීම් මෙන්ම විවිධ දුම්රිය අනතුරුවල වැඩිවීමක් අප නීරීක්ෂණය කරන අතර ඒවා වැළැක්වීමට විධිමත් ක්‍රියා මාර්ගයක් ගැනීම පිළිබදව අපට දැන ගැනීමට නොමැති හෙයින් ඒ සකහා ගරු අමාත්‍යතුමාගේ අවධාණය යොමු කරන ලෙස ඉල්ලා සිටිමු.