ටෙලිකොම් විකිණීමට එරෙහිව වෘත්තීය සමිති අධිකරණයට යයි

ටෙලිකොම් විකිණීමට එරෙහිව වෘත්තීය සමිති අධිකරණයට යයි
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් පුද්ගලික අංශයට විකිණීමට එරෙහිව ටෙලිකොම් එක්සත් වෘත්තීය සමිතිය විසින් ඊයේ (19) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.
 
නීතිපතිවරයා, භාණ්ඩාගාර ලේකම්වරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය, ටෙලිකොම් ආයතනයේ සභාපතිවරයා ඇතුළු 34 දෙනෙකු මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.
 
සියයට 49 යි දශම 5 ක කොටස් පෞද්ගලික අංශයට විකිණීමෙන්, ජනතාවගේ සන්නිවේදන අවශ්‍යතා බහුතරයක් ඉටු කරනු ලබන ආයතනය රජයේ පාලනයෙන් ගිලිහී යනු ඇති බව පෙත්සම්කරුවන් සිය පෙත්සමෙන් පෙන්වාදෙයි.
 
 
මහජන උනන්දුවක් සහිත හදිසි කරුණක් ලෙස සලකා මෙම පෙත්සම කඩිනමින් විභාගයට ගන්නා ලෙස ද පෙත්සම්කරුවන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.