සමෘද්ධි අවුරුදු උත්සව වර්ජනය කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයක්

සමෘද්ධි අවුරුදු උත්සව වර්ජනය කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයක්

සමෘද්ධි සේවකයින් හට බලපා ඇති සේවක ඉල්ලීම් හා සමෘද්ධි අරමුදලින් රු ලක්ෂ 816 අතිවිශාල මුදලක් රටේ දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටීන මේ මොහොතේ වියදම් කර සමෘද්ධි අවුරුදු උත්සව 1089 පැවැත්වීමට විරෝධය පල කරමින් වෘත්තීය සංගම් 10 ක් විසින් සමෘද්ධි අවුරුදු උත්සව පැවැත්වීම වර්ජනය කිරීම අප්‍රේල් 22 දින සිදු වන බව සමෘද්ධි වෘත්තිය සමිති එකමුතුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

සාධාරණ සේවක ඉල්ලීම් හා සමෘද්ධි අරමුදල සුරැකීම වෙනුවෙන් අප විසින් ගන්නා ලද වෘත්තීය ක්‍රියා මාර්ගය කඩාකප්පල් කිරීමට පාලනාධිකාරිය විශාල උත්සහයක් ගෙන අවසානයේ පරාජය භාර ගනිමින් අප්‍රේල් 30 දින තෙක් අවුරුදු උත්සව පැවැත්විය හැකිය යන්න ලිපියක් (20) දින අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇත.

තවද සමෘද්ධි කළමණාකරුවන් වෙත විශාල බලපෑමක් පාලනාධිකාරිය විසින් සිදු කලද අප විසින් (22) දින දිවයින පුරා සමෘද්ධි අවුරුදු උත්සව පැවැත්වීම වර්ජනය කිරීම එලෙසම සිදුකරන බව මෙයින් දන්වා සිටින්නෙමු.