මැලේරියා තුරන් කල රටක් ලෙස ගත් සහතිකය නැති වෙයිද ?

මැලේරියා තුරන් කල රටක් ලෙස ගත් සහතිකය නැති වෙයිද ?

ලෝක මැලෙරියා දිනය සමරන දවසේදී, 'මැලේයාව තුරන් කල රටක්' ලෙස ලබා ඇති සහතිකයත් නැතිවෙන ලකුණු පෙන්වමින් සිටින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේස් මහතා පවසා සිටී.

අවුරුදු 14කට පස්සේ අපේ රටේ මැලේරියා මරණයක් වාර්ථා වෙනවා. අවසන් වරට මැලේරියා මරණයක් වාර්ථා වෙලා තියෙන්නේ 2009 වර්ෂයේදී.

ලෝක මැලේරියා දිනය සමරන අද දවසේදී, සෞඛ්‍ය අමාත්‍යාංයේ හැමෝම, බොරු උත්සව පවත්වන එක නවත්තලා යන්න බේරුවලට. හොයන්න මිය ගිය රෝගියාට අදාලව අපි කරපු අඩුපාඩු ටික. රෝගියා මිය ගිහිං අදට දවස් 10ක්. තවම ආශ්‍රිතයන් හොයන වැඩසටහනක් බිමේ ක්‍රියාත්මක නෑ. ආශ්‍රිතයන්ට අදාල එකම එක පරපෝශිතයා සමීක්ෂණයක්වත් තවම පටන් අරගෙන කරලා නෑ. මේක රට පුරා පැතිරෙනකන්ද ඉන්නේ අමාරුවෙන් ගත්ත සහතිකය නැතිවෙලා, මැලෙරියාවත් රටට ප්‍රශ්ණයක් වෙනතුරුද අපි බලාගෙන ඉන්නේ?

ශ්‍රී ලංකාව මැලේරියාව තුරන් කරපු රටක් කියලා ආඩම්බරයෙන් කියනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය 2016 වර්ෂයේ ලංකාව මැලේරියාව තුරන් කරපු රටක් විදිහට සහතික කරලා තියනවා. ඒක රටේ සෞඛ්‍ය දියුණුව මනින දර්ශකයක්. මේ සහතික ගත්තේ සෞඛ්‍ය කාර්‍යමණ්ඩලයේ කැපවීමෙන්. සමහර ක්ෂේත්‍රගත නිළධාරීන් මැලේරියාව නැවත නැවත හදාගෙන තියනවා, මේ තත්ත්වය රටට ලබා ගන්න. ඒනිසා ඒවා ආප්සට හරවන්න දෙන්න බෑ.

මැලේරියාව ගහණය ඉතා වැඩි ටැන්සානියාව වගේ රටකට, අපේ පුරවැසියෙක් ගිහිල්ලා, නැවත පැමිණිලා මිය යන තුරු මැලේරියා මර්ධන ව්‍යාපාරය ඒ ගැන දන්නේ නෑ.

ඔහුට යන්න පෙර දුන්න සෞඛ්‍ය අධ්‍යාපනය මොකක්ද?, ඔහුට ඖෂධ මාත්‍රාව දුන්නාද්? ඔහු ඒවා නියමිත පරිදි ලබාගෙන තිබෙනවාද? ගුවන්තොටුල පරිශ්‍රයේ මැලේරියා ඒකකයට මෙම රෝගියා හඳුනා ගැනීමට නොහැකිවූයේ ඇයි? එම ක්ශේත්‍ර නිළධාරීන්ව අඛණ්ඩ වෘත්තීය පුහුණු ලබා දී තිබෙනවාද? පුහුණුවීම් සදහා ලැබුණු මුදල් අදාල නොවන අය සඳහා නාස්ති කර තිබෙනවාද? ලෝක මැලේරියා දිනයේ, උත්සව වෙණුවට මේ ගැටළු වලට පිලිතුරු හොයන්න. අපි අමාරුවෙන් ගත්ත සහතිකය ආයේ අරං යන්න දෙන්න එපා කියලා අපි ඉල්ලන බව ඔහු වැඩිදුරත් පවසා සිටියා.