වැඩකරන ජනතාවගේ ඒකාබද්ධ මැයි දිනය

වැඩකරන ජනතාවගේ ඒකාබද්ධ මැයි දිනය
  • අයිතීන් දිනාගැනීමට එක්සත් වෙමු - ජන පීඩනය හා මර්දනය පරදවමු

වෘත්තිය සමිති, කම්කරුවන්, ගොවීන්, ධීවරයන්, කලාකරුවන්, වෘත්තිකයන් හා අනෙකුත් බහුජන සංවිධාන ඒකාබද්ධව ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීමට කටයුතු සංවිධානය කර ඇත. දේශපාලන පක්ෂවලට අනුබද්ධ නොවන ස්වාධීන සංවිධාන, වෘත්තිය සමිති එයට සහභාගී වීමට නියමිත බව එම සංධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

‘අයිතීන් දිනාගැනීමට එක්සත් වෙමු - ජන පීඩනය හා මර්දනය පරදවමු’ යන පොදු තේමාව මුල් කර ගනිමින්,.වැඩකරන ජනතාවගේ ඒකාබද්ධ මැයි දිනය. යන පොදු නාමය යටතේ මැයි දින සැමරුම පැවැත්වීමට එම සංවිධානවල නියෝජිතයන් එකඟ වී ඇත.

  • මැයි දින පාගමන මැයි 01 දින දහවල් 1ට කොළඹ දුම්රිය ස්ථානයෙන් ආරම්භ වන අතර,
  • මාළිගාවත්තේ පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය වෙත ගමන් කර,
  • එහිදී මැයි දින රැළිය පැවැත්වීමට බලාපොරොත්තු වෙමු.

මැයි රැළියේදී අප කම්කරු අයිතීන් වෙනුවෙන් එක්සත් වීමේ වැදගත්කමත්, වැඩකරන ජනතාවට එරෙහි රාජ්‍ය මර්දනය පරාජය කිරීමත්, ආර්ථික වශයෙන් ජනතාව මත එල්ල වී ඇති ජන පීඩනය පරාජය කිරීමත් අප සංවිධාන මත පැවරී ඇති වගකීමක් ලෙස අපි සලකන්නෙමු.

රටේ ආර්ථික අර්බුදයට වගකිවයුතු ව්‍යාපාරික හා දේශපාලන බලවතුන් මේ වන විට ජනතාව මත අර්බුදයේ බර පටවමින් සිටින්නේ අසංවේදී සහ අනුකම්පා විරහිත ආකාරයෙනි. වැඩකරන ජනතාවට සාධාරණ ජීවන තත්වයක් අහිමි වී තිබේ.

ජන අරගලයකින් පසු මර්දන නීති අවභාවිතා කරමින් ජනතා නැගිටීම් දුර්වල කර, තවත් මර්දනය තද කිරීම සඳහා  නව මර්දන නීති සම්මත කරන පසුබිමක ඒ සියල්ලට එරෙහිව ජනතාවට නායකත්වය දෙමින් සංවිධානාත්මකව නැගී සිටීමට අප සූදානම්ය.

වැඩකරන ජනතාව ලෙස වත්මන් අර්බුදයට මුහුණ දීමටත්, සාධාරණ ජීවන තත්වයක් වෙනුවෙන් සටන් කිරීමටත්, අසාධාරණ අයිඑම්එෆ් කොන්දේසිවලට සහ රාජ්‍ය මර්දනයට එරෙහිවත් අප සමග එක්වන ලෙස සකලවිධ වැඩකරන ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

1.            ලංකා ගුරු සංගමය

2.            ලංකා බැංකු සේවක සංගමය

3.            නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය

4.            ශ්‍රී ලංකා  සියලු විදුලි සංදේශ සේවක සංගමය

5.            ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය. (මොන්ලාර්-ඵධභඛ්ඍ)

6.            ධීවර සහයෝගීතා ව්‍යාපාරය (භ්ත්‍ීධ)

7.            එක්සත් කම්කරු සම්මේලනය

8.            වාණිජ හා කාර්මික සේවක සංමය

9.            ලංකා විදුලිබල මණ්ඩල තාක්‍ෂණික ඉංජීනේරු හා අධිකාරි සංගමය

10.         ඩාබිඳු සාමූහිකය

11.         ස්ටෑන්ඩ්-අප් මූමන්ට්

12.         නිමි භාණ්ඩ, ඇඟලුම් හා රෙදිපිළි සේවක සංගමය

13.         ස්ත්‍රී මධ්‍යස්ථානය

14.         ප්‍රොටෙක්ට් සංගමය

15.         ශ්‍රී ලංකා තැපැල් සහ විදුලි සංදේශ සේවා සංගමය

16.         තැපැල් හා විදුලි සංදේශ නිළධාරීන්ගේ සංගමය

17.         සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය

18.         රක්ෂණ පොදු සේවක සංගමය

19.         විදුලි පොදු සේවක සංගමය

20.         රජයේ ලිපිකරු සේවා සංගමය

21.         රජයේ එක්සත් කළමණාකරණ සහකාර සංගමය

22.         ලංකා ප්‍රගති ගුරු සංගමය

23.         ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමය

24.         වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

25.         මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය

26.         තරුණ නීතිඥ සංගමය

27.         තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

28.         ජාතික සංක්‍රන්ති සේවක සංගමය

29.         සංස්කෘතික ශ්‍රම සාමූහිකය

30.         ජාත්‍යන්තර නාවිකයන්ගේ වෘත්තිය සමිති සම්මේලනය

31.         රජයේ එක්සත් කළමණාකරණ සහකාර සංගමය

32.         එක්සත් පොදු සේවක සංගමය

33.         සටහන් මීඩියා

34.         ප්‍රැක්සිස් සාමූහිකය

35.         සාප්පු සංකීර්ණ සේවක සංගමය