"අයිතීන් දිනාගැනීමට එක්සත් වෙමු- ජන පීඩනය හා මර් දනය පරදවමු”

"අයිතීන් දිනාගැනීමට එක්සත් වෙමු- ජන පීඩනය හා මර් දනය පරදවමු”

'වැඩකරන ජනතාවගේ ඒකාබද්ධ මැයි දිනය'

වෘත්තිය සමිති, කම්කරුවන්, ගොවියන්, ධීවරයන්, කලාකරුවන්, වෘත්තිකයන් හා අනෙකුත් බහුජන සංවිධාන ඒකාබද්ධව ජාත්‍යන්තර කම්කරු දිනය සමරමින් වැඩකරන ජනතාවගේ ඒකාබද්ධ මැයි දින පාගමනක් හා රැළියක් පැවත්වීමට සියළු කටයුතු සංවිධානය කරමින් තිබේ.

‘අයිතීන් දිනාගැනීමට එක්සත් වෙමු- ජන පීඩනය හා  මර්දනය පරදවමු’ යන පොදු තේමාව මුල් කර ගනිමින්, ‘වැඩකරන ජනතාවගේ ඒකාබද්ධ මැයි දිනය’ යන පොදු නාමය යංටතේ මැයි දින සැමරුම පැවැත්වීමට එකතු වී සිටින වෘත්තිය සමිති හා බහු ජන සංවිධාන සංඛ්‍යාව ආසන්න වශයෙන් හතලිහකි.

කම්කරු අයිතීන් වෙනුවෙන් එක්සත් වීමේ වැදගත්කම, වැඩකරන ජනතාවට එරෙහි රාජ්‍ය මර්‍දනය පරාජය කිරීම, ආර්ථික වශයෙන් ජනතාව මත එල්ල වී ඇති ජන පීඩනය පරාජය කිරීම තම සංවිධාන මත පැවරී ඇති මගහැරිය නොහැකි වගකීමක් බව ඔවුන් ප්‍රකාශකර සිටී.

රටේ ආර් ථික අර්බුධදයට වගකිව යුතු රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ දේශපාලන බලවතුන් මේ වන විට ජනතාව මත අර්බුධදයේ බර පටවමින් සිටින්නේ අසංවේදී සහ අනුකම්පා විරහිත ආකාරයෙනි. වැඩකරන ජනතාවගේ සාධාරණ ජීවන තත්වය අහිමි කරමින් සිටී.

සම මහා ජනඅරගලයකින් පසු ආණ්ඩුව සිය මර්‍දන නීති අවභාවිතා කරමින් ජනතා නැගිටීම් දුර්වල කර, තවත් මර්දනය තද කිරීම සඳහා  නව මර්ද න නීති සම්මත කරන පසුබිමක ඒ සියල්ලට එරෙහිව නැගීසිටීමට ජනතාවට නායකත්වය දෙමින් සංවිධානාය කිරීමේ වගකීම තමන් සතු බව එම සංවිධාන පවසා සිටී.

මැයි දින පාගමන මැයි 01 දින දහවල් 1ට කොළඹ දුම්රිය ස්ථානයෙන් ආරම්භ වන අතර, මාළිගාවත්තේ පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය වෙත ගමන් කර එහිදී සංස්කෘතික අංගයන්ගෙන් සමන්විත මැයි දින රැළියක් පැවැත්වීමට සංවිධායකයෝ සැළසුම් කරමින් සිටී.

‘එක්වෙමු’

  • රටින් ධනය අයථා ලෙස පිට කිරීම නවතනු!
  • පිටකළ ධනය වහා ගෙනෙනු!
  • ජනතාව මර්දනයට ගෙනෙන PTA, ATA හකුලා ගනු!
  • මහජන දේපල විකිණීම වහා නවතනු!
  • උතුරේ හා දකුණේ ජනතාවගේ ඉඩම් කොල්ලය වහා නවතනු!
  • උද්ධමනයට සරිලන ජීවන වියදම් දීමනාවක් ලබා දෙනු!
  • රාජ්‍ය මර්දනය වහා නවතනු!
  • කම්කරු නීති සංශෝධනය හකුලා ගනු!
  • IMF යෝජනාවලට ETF, EPF බිලි නොදෙනු!
  • අසාධාරණ බදු සංශෝධනය කරනු!
  • “Express Pearl” වන්දිය ලබා ගනු!
  • ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතීන් තහවුරු කරනු!
  • පාලකයින් ඇතිකරන වාර්ගික ආගමික භේද පිටුදකිමු!
  • පරිසර සංහාරය වහා නවතනු!
  • C189 & C 190 අපරානුමත කරනු!
  • රජය ඇතුළු සියලු ආර් ථික අපරාධකරුවන්ට දඬුවම් දෙනු!
  • අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් වෘත්තිය අයිතීන් මර්‍දනය නවතනු!
  • ගොවි ජනතාවගේ ඉඩම් කොල්ලය වහා නවතනු!
  • පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ වහා පවත්වනු!
  • අතුරුදන් වූවන්ට යුක්තිය ඉටු කරනු!
  • IMF සහ ආණ්ඩුවේ ව්‍යාජ සමාජ ආරක්ෂණය වෙනුවට සැබෑ සමාජ ආරක්ෂණයක් ඇතිකරනු!
  • රැකියා සුරක්ෂිතභාවය තහවුරු කිරීම, සමාජ ආරක්ෂණය සඳහා පියවර ගනු!
  • ප්‍රකාශනයේ භාෂණයේ නිදහස තහවුරු කරනු!
  • සියල්ලන්ගේම අධ්‍යාපන සහ සෞඛ්‍ය අයිතීන් තහවුරු කරනු!
  • රට තුළ පවතින ඖෂධ, ප්‍රතික්‍රීයක ඇතුළු සෞඛ්‍ය සැපයුම් හිගයට විසදුම්දෙනු‍!

රකුස්