'වැඩකරන ජනතාවගේ ඒකාබද්ධ මැයි දිනය'
වෘත්තිය සමිති, කම්කරුවන්, ගොවියන්, ධීවරයන්, කලාකරුවන්, වෘත්තිකයන් හා අනෙකුත් බහුජන සංවිධාන ඒකාබද්ධව ජාත්‍යන්තර කම්කරු දිනය සමරමින් වැඩකරන ජනතාවගේ ඒකාබද්ධ මැයි දින පාගමනක් හා රැළියක් පැවත්වීමට සියළු කටයුතු සංවිධානය කරමින් තිබේ.
‘අයිතීන් දිනාගැනීමට එක්සත් වෙමු- ජන පීඩනය හා මර්දනය පරදවමු’ යන පොදු තේමාව මුල් කර ගනිමින්, ‘වැඩකරන ජනතාවගේ ඒකාබද්ධ මැයි දිනය’ යන පොදු නාමය යංටතේ මැයි දින සැමරුම පැවැත්වීමට එකතු වී සිටින වෘත්තිය සමිති හා බහු ජන සංවිධාන සංඛ්‍යාව ආසන්න වශයෙන් හතලිහකි.
කම්කරු අයිතීන් වෙනුවෙන් එක්සත් වීමේ වැදගත්කම, වැඩකරන ජනතාවට එරෙහි රාජ්‍ය මර්‍දනය පරාජය කිරීම, ආර්ථික වශයෙන් ජනතාව මත එල්ල වී ඇති ජන පීඩනය පරාජය කිරීම තම සංවිධාන මත පැවරී ඇති මගහැරිය නොහැකි වගකීමක් බව ඔවුන් ප්‍රකාශකර සිටී.
රටේ ආර් ථික අර්බුධදයට වගකිව යුතු රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ දේශපාලන බලවතුන් මේ වන විට ජනතාව මත අර්බුධදයේ බර පටවමින් සිටින්නේ අසංවේදී සහ අනුකම්පා විරහිත ආකාරයෙනි. වැඩකරන ජනතාවගේ සාධාරණ ජීවන තත්වය අහිමි කරමින් සිටී.
සම මහා ජනඅරගලයකින් පසු ආණ්ඩුව සිය මර්‍දන නීති අවභාවිතා කරමින් ජනතා නැගිටීම් දුර්වල කර, තවත් මර්දනය තද කිරීම සඳහා නව මර්ද න නීති සම්මත කරන පසුබිමක ඒ සියල්ලට එරෙහිව නැගීසිටීමට ජනතාවට නායකත්වය දෙමින් සංවිධානාය කිරීමේ වගකීම තමන් සතු බව එම සංවිධාන පවසා සිටී.
මැයි දින පාගමන මැයි 01 දින දහවල් 1ට කොළඹ දුම්රිය ස්ථානයෙන් ආරම්භ වන අතර, මාළිගාවත්තේ පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය වෙත ගමන් කර එහිදී සංස්කෘතික අංගයන්ගෙන් සමන්විත මැයි දින රැළියක් පැවැත්වීමට සංවිධායකයෝ සැළසුම් කරමින් සිටී.
‘එක්වෙමු’
රකුස්
