කොවිඩ් අළුත්ම රැල්ල කොතරම් දුරකට පැතිරේවිද?

කොවිඩ් අළුත්ම රැල්ල කොතරම් දුරකට පැතිරේවිද?
  • තිබෙන පහසුකම් මග හැර, කොවිඩ් අමතක කර දමා ඇත්තේ අයි?

ඉන්දියාව, අප්‍රේල් 20වනදා වන විට නව කොවිඩ් රෝගීන් 12,580 ක් වාර්තා කර ඇත. එය ඉන්දියාව තුල මාස අටකට පසු වාර්තාවූ ඉහලම අගයයි. ශ්‍රී ලංකාවේ එය කෙසේ වනු ඇත්ද?

අප දැන් කොවිඩ් පරීක්ෂණ සම්පූර්ණයෙන්ම අත හැර දමා ඇත. ප්‍රතික්‍රීයක කට්ටල කල් ඉකුත් වී ඉවත දැමූවද, පරීක්ෂණ නොකරන සක්කල්පයක සෞඛ්‍ය අමාත්‍යාංශය එල්බගෙන ඇත. එනිසාම ඉන්දියාවේ එහෙම වුණත්, ලංකාවේ කොහොම ඇතිදැයි කියා කියන්නට දන්නා කිසිවෙක් නැත.

කොවිඩ් වලින් මැරෙන්නේ නෑ වගේ සතුටක් නිසා මහජනතාවද එය නොසලකා හැර ඇත. නමුත් අපි ඕනෑම රෝගයක් පිළිබඳව අපට ඇති සැලකිල්ලටත් වඩා, කොවිඩ් නොසලකා හැරීම භයානක ආදිනවයක පෙර ලකුණු විය හැකි බව අප අනතුරු හඟවමු.

ඉන්දීයාවේ දැනට සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 65,286 කි.

වසංගතය පිලිබඳ වාර්තා කිරීම සහ එහි හැසිරීම නිරීක්ෂනය කරන සමස්ථ යාන්ත්‍රනය ම බිඳ විසුරුවා ඇති තත්වයක් තුල, ඉන්දියාවේ මෙම සංඛ්‍යා ලේඛන පවා නියෝජනය කරන්නේ, වෛරසයේ සැබෑ ආසාදිතයින් සංඛ්‍යාව පිලිබඳ දැවැන්ත ලුහු ගණනයකි.

යම් තරමක පරීක්ෂන යටිතල පහසුකම් පැවැති, කොවිඩ්-19 වසංගතය උත්සන්නවූ කාලපරිච්ඡේදවලදී පවා, අනුක්‍රමනික රුධිර තරල සමීක්ෂනවලින් (serological surveys) හෙලි වූයේ, ආසාදිතයින්ගෙන් අතිමහත් බහුතරය කවරකලෙකවත් නිලවසයෙන් හඳුනා ගෙන නොතිබූ බවයි.

කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාවෙහි වර්තමාන ඉහලයාම සෘජුවම බැඳී ඇත්තේ, XBB.1.16 ලෙස නම් කර ඇති ඔමික්‍රෝන් වෛරසයේ සිග්‍රයෙන් පැතිරෙන උපප්‍රභේදයට යි. මෙම උප ප්‍රභේදය ප්‍රථම වරට ජාත්‍යන්තර අවධානයට ලක්වූයේ මෙම වසර මුලදී ඉන්දියාවේදී ය. එය මාර්තු 22 වන දින ලෝක සෞඛ්‍ය සංවිධානයේ 'ඇසගසා සිටිය යුතු' ප්‍රභේද ලැයිස්තුවට ඇතුලත් විය. එය, දැන් ඉන්දියාවද ඇතුලු රටවල් 33කින් වාර්තාවී තිබේ.

අනෙකුත් ඔමික්‍රෝන් උප ප්‍රභේදවලට සාපේක්ෂව, එහි වඩාත් සීග්‍රයෙන් බෝවන ස්වභාවය සහ බෙහෙවින්ම ප්‍රතිශක්තිය මගහැරයාමට සමත් ලක්ෂන යන දෙකම සලකා බලමින්, පසුගිය සතියේ, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් නව ප්‍රභේදය “අවධානය යොමු කල යුතු ප්‍රභේදයක” තත්වයට ඔසවාලී ය.

ජාත්‍යන්තර සෞඛ්‍ය ඒජන්සිය සඳහන් කලේ, “දැනට, දුෂ්සාධ්‍යභාවයෙහි වැඩි වීමක් පිලිබඳ පූර්ව සංඥාවක් නොමැත. මූලික අවදානම් තක්සේරුව සිදුකෙරෙමින් පවතින අතර ඉදිරි දිනවලදී එය ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කෙරේ' යනුවෙනි.

සෙයිටො පර්යේෂනය මධ්‍යස්ථාන වෙතින් නිකුත් කල, XBB.1.6 පිලිබඳ දත්ත, ඉහල මරන අනුපාතයක් සහ බරපතල රෝගාබාධ මෙම ප්‍රභේදය හා සම්බන්ධ බව පෙන්නුම් කරයි. කෙසේ වෙතත්, ඉහල එන්නත් අනුපාතය සහ පෙර ආසාදන හේතුවෙන්, ජනගහනයෙන් වැඩි පිරිසකට වෛරසයේ බලපෑම අඩු ය.

නමුත් එය, එන්නත් නොකල අය, සෞඛ්‍ය දුර්වල අය සහ වයෝවෘද්ධ ජනයා දරුනු රෝගවලට ගොදුරු වීමේ දැවැන්ත අවදානමක් එල්ල කරයි. ඉන්දියාව සම්බන්ධයෙක් ගත්කල, උපද්‍රවයේ තර්ජනයට ලක්ව සිටින මිලියන ගනනක් ජනයා—අන්ත දුගී, හුදකලා ග්‍රාමීය ප්‍රදේශවල සහ නාගරික මුඩුක්කු වල ජීවත් වන අතර අවම සෞඛ්‍ය සේවාවකට පමනක් ප්‍රවේශය ඇති හෝ එසේවත් නොමැති අය යි.

ඉන්දියාවේ වැඩිවන ආසාදන සංඛ්‍යාව මගින් තර්ජනයට ලක්වන්නේ හුදෙක් උපමහාද්වීපයේ ජනතාවට පමනක් නොව, සමස්ත ලෝකයම ය. අලුතෙන් රෝගීන් මිලියන සිය ගනනක් යන්නෙන් අදහස් කරන්නේ, SARS-CoV-2 සඳහා නව, සීග්‍රයෙන් බෝවීමේ සම්භාවිතාව ඇති හා වඩාත් මරනීය ප්‍රභේදයන් කරා වර්ධනය හැකි නව අවස්ථා මිලියන ගනනකි.

2021 දී ඉන්දියාවේ ඩෙල්ටා ප්‍රභේදය වර්ධනය වූයේ, මෝදි ආන්ඩුව වෛරසයට එරෙහි ජයග්‍රහනය ප්‍රකාශ කරන අවස්ථාවේ දීම ය. දැන් XBB.1.16 සමඟ ඒ හා සමාන අනතුරක් පවතී. කොරෝනා වෛරසයේ උප ප්‍රභේද විශාල සංඛ්‍යාවක් පැවතීම මගින් පෙන්නුම් කරන්නේ, එන්නත්වල බලපෑම බෙහෙවින් මගඅරින විපරීත ප්‍රභේදයන්ට වාසිය සලසන ස්වාභාවික පරිනාමීය පීඩනයන් මගින් වෛරසය සීග්‍රයෙන් විපරිනාමය වීමේ එහි ශක්‍යතාව රඳවා තබා ගන්නා බවයි.

මාරාන්තික හා හානිකර වෛරසයක්, නිරුපද්‍රිතව අඛන්ඩව පවතින ආසාදනයක් වසයෙන් පිලිගැන්වීමට සලස්වා මහජනයා එයට අනුගත කරලීම සඳහා අනෙකුත් රටවල මෙන්ම, ඉන්දියානු සංගත මාධ්‍ය ද XBB.1.16 නැගීමේ වැදගත්කම අවතක්සේරු කරන ආන්ඩුවේ නිල මූලාශ්‍රවලින් කෙරෙන අදහස් පුනරුච්ඡානය කරයි.

නිදසුනක් වශයෙන්, ඉන්ඩියාටුඩේ, XBB යනු 'භයානක ප්‍රභේදයක්' නොවන බව කියන සෞඛ්‍ය අමාත්‍යාංශ මූලාශ්‍රවලින් වාර්තා කරයි. අනෙකුත් මාධ්‍ය ආයතන මෙම ප්‍රකාශයම පුනරුච්චාරනය කරමින්, 'ත්‍රස්ත' නොවන ලෙස ජනතාවට උපදෙස් දෙයි.

SARS-CoV-2 හි උග්‍ර ව්‍යාධිජනක ඩෙල්ටා ප්‍රභේදය විසින් මෙහෙයවනු ලැබ 2021 වසන්තයේදී කූටප්‍රාප්තවූ වසංගතයේ විනාශකාරී දෙවන රැල්ලෙහි දී දක්නට ලැබුනු පරිදි, ඉන්දීය පාලක ප්‍රභූන්ට ඇත්තේ, හදිසි ආපදා පිලිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නොතකා හැරීමේ කුප්‍රකට ඉතිහාසයකි.

2021 අප්‍රේල් මස මුල ආරම්භවී, අප්‍රේල් 30 වැනි දින දෙවන රැල්ලේ උච්චතම අවස්ථාව දක්වා, ඉන්දියාව නව දෛනික රෝගීන් 400,000 කට වැඩි ප්‍රමානයක් ද දෛනික මරන 4,000 කට වඩා ද වාර්තා කලේය. විශාල වසයෙන් චිතක මත ගොඩ ගැසුනු මල සිරුරුවල දර්ශන ලෝකය කම්පනයට පත් කල අතර, ඒවා පෙන්නුම් කලේ, මරන සංඛ්‍යාව නිල නිල වසයෙන් පිලිගත් ප්‍රමානයට වඩා බෙහෙවින් අධික බවයි.

ravikumudesh photo

| රවී කුමුදේශ්

සභාපති

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය