පළාත් පාලන ඡන්දයට නාම යෝජනා ලබාදී ඇති සමෘද්ධි සේවකයින්ගේ ප්‍රශ්ණ විසඳන ලෙස ඉල්ලයි

පළාත් පාලන ඡන්දයට නාම යෝජනා ලබාදී ඇති සමෘද්ධි සේවකයින්ගේ ප්‍රශ්ණ විසඳන ලෙස ඉල්ලයි

2023 පළාත් පාලන  ඡන්ද විමසීම නාම යෝජනා භාර දී ඇති සමෘද්ධි සේවකයින් නැවත සේවයට වාර්ථා කිරීම පිළිබඳව විධිමත් උපදෙස් නොලැබීමෙන් පත්ව ඇති අපහසුතාවය පිළිබඳව සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ගේ සංගමය ඒ පිළිබඳව අවශ්‍ය උපදෙස් ලබාදී ගැටලු විසඳන ලෙස සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ, අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

2023 පළාත් පාලන මැතිවරණය දින නියමයක් නොමැතිව කල්යාම මත ඒ සදහා නාමයෝජනා භාර දී ඇති රාජ්‍ය සේවකයින් 3400 ආසන්න විශාල පිරිසක් මහත් අපහසුතාවයට පත්ව ඇත,

02. මෙම තත්වය මත සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේද සේවය කරන විවිධ තනතුරු දරණ සේවකයින් සියයකට ආසන්න පිරිසක් මෙවර පලාත් පාලන මැතිවරණය සදහා නාම යෝජනා භාර දී ඇති අතර විධිමත් කැදවීමකින් තොරව ඇතැම් ස්ථානවල එකී සේවකයන් හට සේවයට වාර්ථා කරන මෙන් ලද වාචික උපදෙස් මත සේවයට වාර්ථා කර ඇති බව අප වෙත තොරතුරු අනාවරණය වී ඇත,

03. විධිමත් කැදවීමකින් තොරව සේවයට ගෙන්වා ගැනීම තුල යම් ගැටළුවක් අදාල සේවකයින් හට බලපානු ලැබුවහොත් එහි වගකීම කව්රුන් විසින් භාර ගන්නේද යන ගැටළුව මතුව ඇත,

04. තවද පළාත් පාලන මැතිවරණයට තරග කරන අපේක්ෂකයින් වෙත නිවාඩු අනුමත කිරීම සදහා නිකුත් කරන ලද 2023.03.02 දිනැති DSD/HO/02/Ad/01/පොදු යන පැහැදිලි උපදෙස් ඇතුලත් ලිපිය නිකුත් කිරීම පිළිබදව ඔබවෙත කෘතඥ වෙමු. ඒ අනුව ඇතැම් දිස්ත්‍රික්කයන්හි නිවාඩු හිලව් කර සම්පුර්ණ වැටුප් මේවන විටත් ගෙවීම් කිරීමට කටයුතු කර තිබු අතර ඇතැම් දිස්ත්‍රික්කයන්හි මාර්තු 09 සිට අප්‍රේල් 25 දිනය පදනම් කර ගනිමින් සියලු දීමනා අඩු කර මුලික වැටුප පමණක් ගෙවීමට කටයුතු කිරීමෙන් අදාල සේවකයින් මහත් අපහසුතාවයට පත්ව ඇත.

05. අප විසින් පෙන්නා දෙන ඉහත කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු කර පවතින මෙම ගැටළුව විසිදා ගැනීම සදහා විධිමත් උපදෙස් ලබා දෙන මෙන් අප සංගමය මෙයින් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.