මහනුවර ජාතික රෝහලේ වෛද්‍ය රසායානාගාර ත්‍යාක්ෂණවේදින්ගේ අයිතිවාසිකම් කප්පාදුවක

මහනුවර ජාතික රෝහලේ වෛද්‍ය රසායානාගාර ත්‍යාක්ෂණවේදින්ගේ අයිතිවාසිකම් කප්පාදුවක

වෛද්‍ය රසායානාගාර ත්‍යාක්ෂණ විද්‍යාඥ වෘතිකයන්ගේ වෘතිය අයිතිවාසිකම් රැකගැනීම සඳහා තම වෘතිකයන් මෙතෙක්  බුක්ති විඳි වෘතියයමය වරප්‍රසාදයන් දිගටම එලෙසින්ම  බුක්ති විඳීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස ඉල්ලා සිටින අතර එසේ නොවන්නේ නම් මැයි මස 10 වන බදාදා දින සිට වරප්‍රසාද අහිමි වූ රාජකාරිවලින් ඉවත්වීමට සිදුවන බව රජයේ වෛද්‍ය රසායානාගාර ත්‍යාක්ෂණ විද්‍යාඥ සංගමය මහනුවර, ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරියට ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

මහනුවර ජාතික රෝහලහි වෛරසවේදී සහ අණුක වෛද්‍ය රසායානාගාරය අංශයේ වෛද්‍ය රසායානාගාර ත්‍යාක්ෂණ විද්‍යාඥ වෘතිකයන් රෝගී සත්කාරක සේවාවන් ලබා දෙමින් පසුගිය වසර ගණනාවක් පුරා ඉතා විශිෂ්ඨ සේවයක් ලබා දුන් අතර විශේෂයෙන් පසුගිය කොවිඩ් වසංගත තත්වයේදී රටෙහි  සුවිශේෂි රසායනාගාරයක් ලෙස දැඩි කැපවීමෙන්, උපරිම සේවාවක් එහි සිටින අප සාමාජිකයින් විසින් ලබා දෙන ලදී.

2. මේම රසායනාගාරය වර්තමාන තත්වයට ගෙන ඒමට අප සාමාජික  වෛද්‍ය රසායානාගාර ත්‍යාක්ෂණ විද්‍යාඥ වෘතිකයන් ඉතා වෙහෙසවී කටයුතු කල අතර සංගමයක් ලෙස අපද ඉහි අවශ්‍යතා ඉටුකිරීමට විශාල ලෙස මැදිහත් වුනෙමු.

3. පසුගිය කාලයේ අප වෘතිකයන්, මෙම රසායනාගාරයට අනුයුක්තව සිටි  විශේෂඥ වෛද්‍යවරුන් කිහිපදෙනෙකු සමඟ රාජකාරී ඉටු කල අතර ඉතාමත් අන්‍යෝන්‍ය අවබෝධයෙන්, වෘතින් අතර ගැටුම් ඇති නොවන පරිදි තම රාජකාරීන් උපරිම ලෙස ඉටු කළහ.

4.  නමුත් මේ වන විට පත්වීම් ලබා සිටින වැඩබලන විශේෂඥ වෛද්‍යවරිය, වෛද්‍ය රසායානාගාර ත්‍යාක්ෂණ විද්‍යාඥ වෘතිකයන්ගේ මෙතෙක් සිදු කරන ලද, වෘතියට අදාල රාජකාරී අභියෝගයට ලක්කරමින්, එම රාජකාරි අප වෘතිකයන්හට සිදුකල කල නොහැකි බව පවසමින් ඇය වෙත බලහත්කාරයෙන් පවරාගනිමින් සිටිනා බවට වාර්තා වී ඇත. එමඟින්, ඔබ රෝහලෙහි වෛරසවේදී රසායනාගාර තුල වෛද්‍ය රසායානාගාර ත්‍යාක්ෂණ විද්‍යාඥ වෘතිකයන් ලෙස මෙතෙක් බුක්තිවිඳිමින් සිටි වෘතිය නිදහස, වෘතිය අයිතිවාසිකම් වලට බාධා පමුනුවමින් අපගේ වෘතිය අභිමානය හෑල්ලුවට ලක් කරමින් අප වෘතිකයන් හට රසායනාගාරය තුල අභිමානයෙන් යුතුව සේවය කිරීමට අපහසු තත්වයක් නිර්මාණය කර ඇත.

6. එබැවින්, අප වෘතිකයන් මෙතෙක් බුක්ති විඳි වෘතියයමය වරප්‍රසාදයන් එලෙසින්ම් ඉදිරියටද බුක්ති විඳිමින් රාජකාරි කිරීමට ඉඩ සලසා දෙන ලෙසත් එම වරප්‍රසාදයන් ඉවත් කිරීමට දැඩි විරෝධය පල කරන බවත් දන්වා සිටිමු.

7. එසේ අප වෘතිකයන් මෙතෙක්  බුක්ති විඳි වෘතියයමය වරප්‍රසාදයන් ලබා නොදෙන්නේනම් සහ වෘතින් අතර ගැටළු ඇති කරමින් දිගින් දිගටම අප රසායනාගාරයතුල රාජකාරි කිරීමට අපහසු තැනක් බවට පත් කරමින් සිටින්නේ නම්, අප වෘතිය සංගමය ලෙස අප සාමාජිකයින්ගේ වරප්‍රසාදයන් වෙනුවෙන් පෙනී සිටිමින්, වෘතිය ක්‍රියාමාර්ග කරා පවා යොමු විය යුතු බව ඉතා කණගාටුවෙන් දැනුම් දෙමු.

8. මේ පිළබඳව ඔබගේ කඩිනම් අවධානය යොමු කර, අප වෘතිකයන් මෙතෙක්  බුක්ති විඳි වෘතියයමය වරප්‍රසාදයන් දිගටම එලෙසින්ම  බුක්ති විඳීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස ඉල්ලා සිටින අතර එසේ නොවන්නේ නම් මැයි මස 10 වන බදාදා දින සිට වරප්‍රසාද අහිමි වූ රාජකාරිවලින් ඉවත්වීමට සිදුවන බවටත් කණගාටුවෙන් යුතුව දැනුම් දෙමු.