අයහපත් කළගුණ තත්ත්වය මුහුණදීමට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සියල්ල සූදානමින්

අයහපත් කළගුණ තත්ත්වය මුහුණදීමට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සියල්ල සූදානමින්

දිවයිනේ බලපෑ ඇති අයහපත් කාළගුණය නිසා දිස්ත්‍රික්ක කිහිපයක බලපා ඇති වර්ෂා තත්ත්වය ඉදිරි දිනවලත් පැවතිය හැකි බවන්  දිස්ත්‍රිකා ආපදා කළමනාකරණ ඒකක පැය 24 පුරා අඛණ්ඩව ක්‍රියාත්මක බවත් ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඇති වන ඕනෑම තත්ත්වයකට මුහුණදීම සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය, මුදවාගැනීමේ ඒකක හා සියලු රාජ්‍ය ආයතන සුදානමින් සිටින බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියා සිටී.

මෙම තත්ත්වය පිළිබඳව කඳුකර ජනතාව විශේෂ සැළකිල්ලෙන් සිටිය යුතු බව වැඩිදුරටත් දන්වා සිටියි.

එසේම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් මැදිරිය පැය 24 පුරා ක්‍රියාත්මක වන අතර 117 දුරකතන අංකය ඔස්සේ යම් ආපදා තත්ත්වයක් දැනුම් දීමට හෝ සේවාවක් ලබා ගැනීමට හැකි බවත් එම මධ්‍යස්ථානය මහජනතාවට දන්වා සිටියි.