මහියංගනය ඩිපෝ සේවකයින්ගෙන් වර්ජනයක්

මහියංගනය ඩිපෝ සේවකයින්ගෙන් වර්ජනයක්
මහියංගනය ලංගම ඩිපෝ සේවකයින් බස්රථ ධාවනයෙන් ඉවත් වී තිබේ.
 
ඒ මහියංගනය සිට කන්දකැටිය, ගලඋඩ ප්‍රදේශය වෙත ධාවනය කළ ලංගම බස් රථයක රියදුරුට සහ කොන්දොස්තරවරයාට රිදීමාලියද්ද, ආඳාඋල්පොත මංසන්ධියේදී කිසියම් පිරිසක් පහර දීම හේතුවෙනි.
 

මේ අනුව මෙම පහරදීම සිදු කළ පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා මහියංගනය ලංගම ඩිපෝවේ කාර්ය මණ්ඩලය බස්රථ ධාවනයෙන් ඉවත් වී අද විරෝධතාවයක නිරත වෙයි.