මේ කියන විදියට සෞඛ්‍ය හාන්සියි

මේ කියන විදියට සෞඛ්‍ය හාන්සියි

සෞඛ්‍ය සේවයේ බිඳ වැටීම් විශාල වශයෙන් වැඩිවී ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සමලේකම්වරුන් වන රවි කුමුදේස් සහ චානක ධර්මවික්‍රම මහත්වරුන් පවසා සිටිනවා.

සෞඛ්‍යෙය් කඩා වැඩීම සරලව, කෙටියෙන් මෙසේ ප්‍රකාශ කර සිටියා.

මාස 6ක් තිස්සේ මහනුවර පිළිකා ප්‍රතිකාරක යන්ත්‍රය ක්‍රියා විරහිතයි.  ජාතික රෝහලේ කැතීටර් රසායනාගාරය මාස තුනක් වහලා. ළමා රෝහලේ වකුගඩු ක්‍රියාකාරීත්වය මනින යන්ත්‍රය මාස 6ක් ක්‍රියාතම කර ගන්න අවශ්‍ය සැපයුම් නැහැ. මහනුවර පිළිකා ඒකකකයේ ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර දෙකම වැඩ නෑ. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අත්‍යවශ්‍ය පරීක්ෂණ වර්ග 70ක් නතර කරලා දාලා. රෝහල් 6ක් සීටී ස්කෑන් යන්ත්‍ර මාස ගණනාවක් වැඩ නෑ.

අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග 200ක් හිඟයි. සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය හිඟය අඩුකරන්න හදන්නේ අත්‍යවශ්‍ය ලිස්ට් එක වෙනස් කරලා.