බියගම අපනයන සැකසුම් කලාපයේ පිහිටි ඩී. පී. එල්. ග්ලවුස් (DPL PREMIER GLOVES LIMITED ) ආයතනයේ පාලනාධිකාරිය හා නිදහස් වෙළද කලාප සහ පොදු සේවා සේවක සංගමය එක්ව සාර් ථක සාමුහික ගිවිසුමක් ගිවිසුමක් පසුගියදා ඩී. පී. එල්. ග්ලවුස් (DPL PREMIER GLOVES LIMITED ) ආයතනයේදී අත්සන් කරන ලදි.
එම සාමුහික ගිවිසුම වර් ෂ තුනක කාල සීමවකට වලංගු වන අතර, එහිදි සේවකයින් හට විශේෂ වරප්‍රසාද රාශියක් ලබාදීම සඳහා පාලනාධිකාරිය තම සාමූහික ගිවිසුම මගින් එකඟතාවයකට පැමිණි බව එම වෘත්තීය සමිතියේ ප්‍රකාශකයෙක් “වැඩබිම“ සමග ප්‍රකාශ කර සිටියහ.
මෙවැනි සාමූහික ගිවිසුම් මගින් සේවකයින් හා එක්ව සහයෝගයෙන් කටයුතු කිරීමෙන් කර්මාන්ත ශාලාවල ගැටුම් අවම කරගැනීම හා ඔවුන්ගේ නිෂ්පාදනයන් ඉහල නැංවිය හැකි බවත්, වෘත්තීය සමිති සම්බන්ධයෙන් පාලකයින් ඇති අනියත බිය මේ මගින් තුරන් කිරීමට හැකි බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පවසා සිටියා.
ඩී. පී. එල්. ග්ලවුස් (DPL PREMIER GLOVES LIMITED) ආයතනයෙන් සේවයකයින් ලැබී ඇති වරප්‍රසාද කිහිපයක් පහතින් දැක්වේ.
මෙම සාමූහික ගිවිසුම සඳහා ඩී. පී. එල්. ග්ලවුස් (DPL PREMIER GLOVES LIMITED) ආයතනය වෙනුවෙන්, අධ්‍යක්ෂක සහ කළමණාකාර අධ්‍යක්ෂ, පුෂ්පික ජනධීර මහතා, නියෝජ්‍ය සාමාන්‍යධිකාරි ඩබ්.ටී.සී. කුමාර මහතා, මානව සම්පත් ප්‍රධානි ජී. ඩී. සී. පෙරේරා මහතා හා නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය වෙනුවෙන් එහි සම ලේකම් ඇන්ටන් මාකස් මහතා, ශාඛා සභාපති එ. එම්. සී. පී. අත්තනායක මහතා, ශාඛා ලේකම් අයි. ඩී. එ. එස්. රූපසිංහ මහතා අත්සන් කරන ලදි.

