ඖෂධ තත්ව පාලන රසායනාගාරය වැහෙන්න හැරලා, අධිකාරියේ සභාපතිවරයා රසායනාගාර පහසුකම් නැති නිසා බාල ඖෂධ වලට අනුමැතිය දෙනවා කියන එක විහිළු කථාවක් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදෙස් මහතා මාධ්‍ය හමුවකදී පවසා සිටියා.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළ සිටියේ, ජාතික ඖෂධ නියාමන අධිකාරියට අනුබද්ධව හදලා තියන, ජාතික ඖෂධ තත්ත්වපාලන රසායනාගාරය හදලා අවුරුදු 30ක් වෙනවා. අද වෙනකොට ඖෂධ නියාමන අධිකාරිය විසින් ඒක වැහෙන්න ඉඩ හැරලා තියෙන්නේ. මිලියන ගණනක් වටින කිසිම උපකරණයක් නඩත්තු කරලා නෑ. උපකරණ වලින් භාගයක 'Out of order' කියලා ගහලා තියනවා.
අවුරුදු 30කට කලින් ඒ රසායනාගාරයේ අවම වශයෙන් වෘත්තීයවේදීන් 39ක් අවම වශයෙන් සිටිය යුතුයි කියලා නිර්දේශ කරලා තියනවා. අද්දැකීම් තියන හැමෝම එහෙ මෙහේ මරු කරලා යවලා. දැන් ඉන්නේ පස් දෙනයි. ඒ අයත් ඉතාම කණිෂ්ඨ අද්දැකීම් ඉතාම අඩු අය.
තත්වපාලන රසායනාගාරයක් හරියට ක්‍රියාත්මක වෙනවානම් ඖෂධ සංකූලතා වලින් 95%ක් අඩු කර ගන්න පුළුවන්.
පැහැදිළිවම සංකූලතාවයට පස්සේ කරපු රාසායනාගාර පරීක්ෂාව, කලින් කරලා තිබුණානම්, දැනට සිදු වෙලා තියන මරණ තුනම වලක්වා ගන්න තිබුණා. ඇස් අන්ධ වෙච්ච, භාගෙට අන්ධ වෙච්ච විස්සක් තිහක් ඉන්නවා, ඒ අයත් අද එහෙනම් හොඳින් ඉන්නවා.
නමුත් විශ්ලේෂණ රසායනාගාර ක්‍රියස්වලිය වුවමණාවෙන්ම අඩපන කරලා තිබෙනවා. රසායනාගාර විශ්ලේෂණ වාර්ථා පදනම් කර ගනිමින් ඖෂධ ලියාපදිංචිය, ගෙන්වීම සහ බෙදා හැරීම කලානම්, පගාවට, හිතවත් කමට, දේශපාළණ හයියට ඖෂධ ගෙන්වීම අනුමත කරන්න බැහැ. ඒ නිසා විශ්ලේෂණ හා තත්වපාළණ රසායනාගාරයක් කෙලින් හිට ගන්නවාට ඖෂධ නියාමන අධිකාරියේ බොහෝ අය කැමති නෑ. ඒ වෙණුවට ඒ අය, පෞද්ගලික විශේෂඥ මතය පදනම කර ගන්නවා. ලේබල් බලලා, පාට බලලා, හිතවත්කම් වලට අනූව තත්ත්ව සහතික දෙනවා. ඒවායේ ප්‍රතිපල රටේ මිනිස්සු ඇස්, ඉස් මස් ජීවිත වලින් වන්දි විදිහට ගෙවනවා.
ඖෂධයක් වෙළදපලට මුදා හැරීම සඳහා අවම වශයෙන් අවස්ථා තුනකදී රසායනාගාර පරීක්ෂාවකට ලක් කල යුතු වෙනවා. ඖෂධය ලියා පදිංචියට පෙර, ලියාපදිංචි ඖෂධයක තොග ගෙන්වීම පෙර, භාවිත කරමින් සිටින ඖෂධයක් නව කාණ්ඩයක් යටතේ නැවත ගෙන්වීමට පෙර, එම පරීක්ෂාවන් සිදු විය යුතුයි.
නමුත් අපේ රටේ ඖෂධ පිළිබඳ රසායනාගාර පරීක්ෂාවක් සිදු වෙන්නේ රෝගියෙක් මැරුණා කියලා හෝ අන්ධ වුණා කියලා බරපතල පැමිනිල්ලක් ආවම විතරයි.
කල්මුණේ, තෙල්දෙණිය, මාතර, අශ්රොෆ් අනුස්මරණ, ජතික රෝහල, රෝහල් වල බරපතල සංකූලතා ඇතිවූ සහ පෙරාදෙනිය ළමා රෝහලෙහි වයස අවුරුදු දෙකක බිළිඳෙකු මියයෑම පිළිබඳව චෝදනා ලැබූ ප්‍රොපෆෝල් නිර්වින්දන ඖෂධය, පසුව පරීක්ෂා කිරීමේදී ක්ෂුද්‍රජීවීන්ගේ හා ක්ෂුද්‍රජීව අභ්‍යන්තර විශ තිබූ බව හොයා ගෙන තිබුණා. සමූහ වශයෙන් දෘෂ්ඨි ආභාධ ඇති කරවපු සහ ඇස් අන්ධ කරපු ප්‍රෙඩ්නිසිලෝන් අක්ෂි දියරයට අදාලවත් අතරමැදි දූෂක කාරකයන් සහිත බව පසුව කරපු පරීක්ෂාවන්ගෙන් තහවුරු කරගෙන තිබුණා. ඒ වගේම පේරාදෙනිය ශික්ෂණ රෝහලේ මරණ දෙකකට වග කියන බියුපිවැකේන් සම්බන්ධව කරපු පරීක්ෂාවේදීත් ඊට අදාල ඖෂධයේ එක කොටසක ගැටළුවක් තිබෙන බව නිරීක්ෂණය වෙලා තිබෙනවා.
මේ සියල්ල හොයාගෙන තිබෙන්නේ ගහලස් අඩපන කරලා, නැති කරලා දාන්න සැලසුම් කරපු ඖෂධ තත්වපාළණ විශ්ලේෂණ රසායනාගාරයෙන්. ඒ වගේම එයින් පැහැදිළි වෙනවා විශ්ලේෂණ රසායනාගාරයක භාවිතය පූර්ව වශයෙන් තිබුණානම් හනියට පත් වෙච්ච ජීවිත බේරා ගන්න තිබුණු බව.
අපි හොයන්න ඕනේ විමර්ෂණය කරන්න ඕනේ ඇයි මේ අය මේ විද්‍යාත්මක ක්‍රමයට භය කියන එක සහ ඒක මග හරින්නේ ඇයි කියන එකයි. ඒකට අදාලව විශාල හේතු නෑ. පගාව, කොමිස්, සන්තෝසම් ලැබෙන්නේ තමන්ට ඕනෑ හටියට මේ ක්‍රමය හසුරවන්න පුළුවන් වුණොත් විතරයි. රසායනාගාර ක්‍රමය එහෙම හසුරවන්න කාටවත් බැහැ. ඒ නිසා ඒකට අකමැතියි. හැබැයි ඒ අය අමතක කරන එක දෙයක් තිබෙනවා. පගාව, කොමිස්, සන්තෝසම් දීලා වැඩ කර ගන්න හදන්නෙම අඩුපාඩුවක් තියෙන කියන එක ඒ ගොල්ලන් අමතක කරනවා. ඒ ක්‍රමය හරහා එන්නේම අඩුපාඩු සහිත දේවල්. අවසානයේදී ඒ අයගේ කොමිස් එක හෝ සන්තෝසම, සමාන්‍ය මිනිස්සුන්ගේ ජීවිතය බවට පත් වෙලා තියෙනවා.