ශ්‍රී ලංකා ජාතික රෝහල තුල අධිකාරී වෛද්‍ය රසායනාගාර විද්‍යාඥවරුන්ගේ කාර්යයභාරයන් නිසි ආකාරයෙන් ඉටු කිරීමට බාධා කිරීම හා දීර්ඝ කාලීනව නොවිසඳුනු ගැටළු හේතුවෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව හා ඒ සම්බන්ධව මැදිහත්වී අර්බුදය විසඳන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය ලිපියක් මගින් දැනුම් දී ඇත.
එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,
ශ්‍රී ලංකා ජාතික රෝහල තුල අධිකාරී වෛද්‍ය රසායනාගාර විද්‍යාඥවරුන්ගේ කාර්යයභාරයන් නිසි ආකාරයෙන් ඉටු කිරීමට බාධා කරමින් හා ද්වේශ සහගත හා සැළසුම් සහගත ලෙසත් වෛද්‍ය රසායානාගර විද්‍යාඥ වෘත්තිකයන්ට එරෙහිව පෙත්සම් යොමු කරමින් හා විශේෂඥ වෛද්‍යවරුන්ගේ හා අනෙකුත් පරිපාලනය රැස්වීම් වලදී ඒ්ක පාර්ශ්වික ලෙස ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා ව්‍යාධිවේද අංශයෙහි අනවශ්‍ය ගැටළු රැසක් නිර්මාණය කිරීමට ක්ෂ්‍රද්‍රජීවී විශේෂඥ වෛද්‍යවරිය කටයුතු කරමින් සිටින බව අප සංගමය නිරීක්ෂණය කර ඇත.
ඒසේම ඒ් පිළිබඳව හා ඇය විසින් ඔබ වෙත යොමු කරන ලද ව්‍යාජ පෙත්සමකට අදාලව විරෝධය පල කරමින් මටද පිටපතක් සහිතව ඔබ වෙත යොමු කරන ලද ශ්‍රී ලංකා ජාතික රෝහලේ සියළු වෛද්‍ය රසායනාගාර විච්‍යාඥ නිලධාරීන් විසින් යොමු කල 2023.07.02 දිනැති ලිපිය කෙරෙහිද ඔබගේ අවධානය යොමු කරවමි.
මේ පිළිබඳව මින් පෙර අවස්ථා ගණනාවකදීම සාකච්ඡා කර ඇති නමුත් තත්වයෙහි කිසිඳු වෙනසක් නොමැති බැවින් පහත ඉල්ලීම් අරභයා 2023-07-13 (බදාදා) දින සේවයෙන් ඉවත් වීමේ විරෝධතාවයක් දියත් කිරීමටත් 2023-07-19 දින (බදාදා) වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ විමටත් තීරණය කල බව ඉතා කණගාටුවෙන් දන්වා සිටිමු.
ඒ අනූව අනවශ්‍ය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් වලක්වා ගැනීම සඳහා වන ඔබගේ කඩිනම් මැදිහත්වීම ඉතා අගේ කොට සලකමි.
