ආසාතිමිකතාවය නිසා අනපේක්ෂිත මරණ ඇති වීම සහා අපේක්ෂා නොකල සංකූලතා ඇතිවීම, ලංකාවේ වර්තමාන සෞඛ්‍ය ප්‍රශ්ණයෙහි එක් ඉතා කුඩා ප්‍රකාශණයක් විතරයි. ඒ නිසා අසාත්මිකතාවය ගැන හොයන්න කමිටුවක් දාලා, සෞඛ්‍ය සේවයේ සමස්ත ප්‍රශ්ණය විසඳන්නවත්, යට ගහන්නවත් බෑ.
අක්ෂි දියර නිසා මිනිස්සුන්ගේ ඇස් අන්ධ වුණා. විශාල ප්‍රමාණයක් ඇස් වල ස්ථිර සංකූලතාවයන් ලක් වුණා. මහනුවර රෝහලේ වකුගඩු කාන්දු පෙරණ දියරයේ අපිරිසිදු වීමක් නිසා රෝගීන් දස දෙනෙකු මරණයට පත්වුණා කියලා පැමිණිලි තිබෙනවා. ඒවා අසාත්මකතා ගැටළු නෙවේ.
ලංකාවේම රෝගීන්ට තියන CT ස්කෑන් යන්ත්‍ර 44න් 12ක් කැඩිලා. ලීනිය ඇක්සලේටර යන්ත්‍ර 10න් දෙකක් වැඩ නෑ. කැතීටර් රසායනාගාර දෙකක් වැඩ නෑ. වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ 70ක් විතර කරන්නේ නෑ. සමාගම් වලින් ගත්ත ප්‍රතික්‍රීයක වලට බිලියන 50ක් විතර ගෙවලා නෑ. අඩු ගානේ කොච්චර ණය වෙලාද කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය හරියටම දන්නේ නෑ. ඒවා අසාත්මිකාතාවය.පිළිබඳ විශේෂඥයින්ට විසඳන්න පුළුවන් ගැටළු නෙවේ.
ඖෂධ 270ක් හිඟයි කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයම කියනවා. ලියාපදිංචියෙන් තොරව ඖෂධ ගෙන්න 2022 අවුරුද්දේ 164 වාතාවක් අවසර දීලා තියනනවා. 2023 ගෙවුණු අවුරුද්දේ විතරක් ලියාපදිංචිය නැති ඖෂධ වර්ග 500කට වඩා, රටට ගෙන්වන්න ඖෂධ නියාමන අධිකාරිය අනුමැතිය දීලා තියනවා. මේවා අසාත්මිකතාවය නිසා සිදු වෙච්ච දේවල් නෙවේ.
ඖෂධ තත්ත්වපාලන රසායනාගාරය අද බෝඩ් ලෑල්ලකට සීමා වෙලා. ලෙඩෙක් මැරුණොත් හරි, මාධ්‍යයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට බැන්නොත් හරි විතරයි ඒකේ ඖෂධ හෝ උපකරණවල ගුණාත්මක තත්ත්වය ගැන පරීක්ෂණ කරන්නනේ. රසානාගාර සේවාවේ ප්‍රතික්‍රීයක වලට තුන් ගුණයකට වඩා විශාල මුදලක් ගෙවනවා. වෙළදපලේ තරගකාරී මිලට ප්‍රතික්‍රීයක ගන්න ක්‍රමවේදය හදන්න අවුරුදු 3ක් තිස්සේ බැරිවෙලා තියනවා. රෝහල්වල සාමාන්‍ය ප්‍රශ්ණ විසඳා ගන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇහුම්කන් දෙන්න කෙනෙක් නෑ. නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්ලට ඒ ඒ අංශ කඩා වැටීම පිලිබඳ, ගැටළු නිරාකරණය කිරීමට කිසි වුවමණාවක් නෑ. සෞඛ්‍ය ඇමතිවරයාට සෞඛ්‍ය සේවයේ සාමාන්‍ය ප්‍රශ්ණ පේන්නේවත් නෑ. ආසාත්මිකතාවයට බෙහෙත් දීලා ඒවා විසඳන්න බෑ.
මුදල් අමාත්‍යාංශය බඳවා ගැනීම් නවත්තලා. උග්‍ර වෘත්තීයවේදීන්ගේ හිඟයක් තියෙද්දී, 3000ක් පමණ පරිපූරක වෛද්‍ය, හෙද සහ අතුරු වෛද්‍ය උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් රැකිවිරහිත පොලිම්වල තියලා කැබිනට් මණ්ඩලය වගේ වගක් නැතුව ඉන්නව. මේ සේරම අසාත්මිකතාවය හදා ගත්තා කියලා නිවැරදි වෙන්නේ නෑ.
ඒ නිසා සමස්ථ සෞඛ්‍ය ප්‍රශ්ණය අසාත්මිකතාවයට යට කරලා, දාන්න හදන්න එපා කියලා අපි සෞඛ්‍ය ඇමතිවරයාගෙන් සහ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
විශ්ලේෂණ රසායනාගාරයක් හදන වගකීම අපිට දෙන්න, වසරකින් ඇමතිවරයාට ආඩම්බරයෙන් නිදර්ශක එවන්න රසායනාගාරයක් හදලා දෙනවා කියලා සහතික වෙන්නම්
ඖෂධ තත්ව පාළණයට ලංකාවේ රසායනාගාරයක් හැදුවේ 1990දී. ඒකාලේ ඒකේ පරීක්ෂණ කරන්න අවම වශයෙන් වෘත්තීයවේදීන්ගේ 67ක් ඕනේ කියලා තීරණය කලේ රේණුකා හේරත් සෞඛ්‍ය ඇමති තුමයගේ කාලේ. අද වෙනකොට ඒකේ ඉන්නේ 10දෙනයි. ගෙනල්ලා දාපු උපකරණ වලින් 50%ක් අවුට් ඔෆ් ඕඩර්. දවසින් දවස අපු ඇවිල්ලා තියෙන්නේ පසු පස්සට. අපිත් එක්ක සමාන්තරව ඖෂධ තත්ත්වපාලන රාසායනාගාර හදපු හැම රටක්ම වාගේ අද වෙනකොට සෑම ඖෂධයක්ම රෝගීන්ට දෙන්නට පෙර තුන් පාරක් රසායනාගාර පරීක්ෂණ වලට ලක් කරලා තවුරු කරනවා. ඖෂධ නියාමන අධිකාරියේ හදපු 2015 වර්ෂයේදී, ජපන් රජය විෂ්ලේශණ රසායනාගාරකට සම්පූර්ණ ආධාරයක් දෙන්න පවා සූදානම් වුණා. ලංකාවේ රසායනාගාර සේවාව එංගලන්තයර සාමාන්තර, ශතවර්ෂයකට වඩා පරණ එකක්. ඒ නිසා සෞඛ්‍ය ඇමතිතුමාට අපිට අපි කියන්නේ "කුමුදේශ් රසායනාගාරයට" නිදර්ශක එවන්න කලින්, තියන රසායනාගාරය බංකොලොත් කරපු අයට, ඒක බිම දාලා පාගාගෙන ඉන්න අයට දඬුවම් දීලා, ඒ වගකීම අපිට දෙන්න කියලයි. එහෙම දුන්නොත් අපි අවුරුද්දක් ඇතුලත ඇමතිවරයාට ආඩම්බරයෙන් නිදර්ශක එවන්න රසායනාගාරක් හදලා දෙනවා.
| රවී කුමුදේශ්
සභාපති, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය