සෞඛ්‍ය අමාත්‍යාංශයේ අත්හිටුවා ඇති ඖෂධ කාණ්ඩ අතරින් වැඩි ප්‍රමාණයක් සපයා ඇති  සැපයුම්කරු රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අත්හිටුවා ඇති ඖෂධ කාණ්ඩ අතරින් වැඩි ප්‍රමාණයක් සපයා ඇති  සැපයුම්කරු රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවයි

2023 වර්ෂයේ ගෙවුණු කාලය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අස්ථා 69කදී, රෝහල් වෙත සැපයූ ඖෂධ, රෝගීන්ට ලබා දීම අත් හිටුවීමට නියෝග කර ඇත. එම අවස්ථා 69 තුල නතර කර ඇති ඖෂධ කාණ්ඩ අතුරින් කාණ්ඩ 40ක පමණ ප්‍රමාණයක් සපයා ඇත්තේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවයි.

පසුගිය කාළය තුල දේශීය ඖෂධ නිෂ්පාදන සහ ඉන්දියාණු නිශ්පාදන පිළිබඳව වැරදි මතයක් සමාජ ගත කරමින්, යුරෝපියන් ඖෂධ පමණක් ගෙන්වීමේ තීන්දුවක් ගැනීමට ඇතැම් අය උත්සාහ ගැනීම නිසා මෙම ගැටළුව අභ්‍යන්තරිකව සාකච්චා කිරීමට උත්සාහ කලද, ඊට අවස්ථාද නොලැබීම හේතුවෙන් ඒ පිළිබඳව විවෘත සංවාදයකට යෑමට සිදු වීම ගැන අප කණගාටු වෙමු.

කෙසේ නමුත්, ඉන්දියාව, බංගලිදේශය වැනි රටවල් විසින් ඇමරිකාව සහ යුරෝපා රටවලට ඉතා විශාල වශයෙන් තත්වයෙන් උසස් ඖෂධ අපනයනය කරමින් සිටියදී, එම රටවලින් බාල ඖෂධ පමණක් අපේ රටට පැමිණෙන්නේනම්, එය අපගේ තෝරා ගැනීම පිළිබඳ ගැටලුවක් මිස, රට පිළිබඳ ගැටළුවක් නොවේ.

එසේම ශ්‍රී ලංකා රජය මැදිහත් වීමෙන් රටට ඖෂධ සැපයෙන ආයතනයේ නිශ්පාදන පිළිබඳ ගැටළුවක් ඇත්නම්, එය කළමණාකරණ ගැටළුවක් මිස රටේ නොහැකියාව පිළිබඳ ගැටළුවක් නොවේ.

අපේ රටේ ආර්ථික අර්බුධයට අදාලව තීන්දු ගණු ලබන්නේනම් දේශීය ඖෂධ නිෂ්පාදනය වැඩි දියුණු කිරීම හැර වෙනත් විකල්පයක් ඒ සඳහා අපට නැත. එනයින් ඖෂධ නිෂ්පාදන නිතීගත සංස්ථාව විසින් සපයන ඖෂධ වල තත්වය පිළිබඳව ඇති ප්‍රශ්ණාර්තය මග හැර යෑමට වඩා, එය නිවැරදි කර ගැනීමට නිසි අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ.

කෙසේ නමුත්, වැඩිපුරම ඖෂධ කාණ්ඩ ප්‍රමාණයක් නතරකර ඇති තනි සැපයුම්කරු ලෙස, රජයේ මැදිහත් වීමෙන් ඖෂධ නිෂ්පාදනය කරණු ලබන ආයතනයට වගකීම පැවරෙද්දී ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ රජයේ අවධානය මීට වඩා යොමුවිය යුතුය

rk 34

| රවී කුමුදේශ්

සභාපති

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය