අස්වැසුම අවුල් ජාලයක් ....?

අස්වැසුම අවුල් ජාලයක් ....?
අඩු අදායම් ලබන දිළිදු ජනතාව වෙනුවෙන්  ආන්ඩුව ඉදිරිපත් කල අස්වැසුම 'වැඩසටහන අවුල් ජාලයක් ව තිබෙනවා. 2002 අංක 24 දරණ සුබසාධක ප්‍රතිලාභ පනත අනුව යමින් නව අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය 2023 ජූලි මස 1 වනදා සිට ක්‍රියාත්මක කල යුතු බවට ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට්පත්‍රයකින් සඳහන් කරන ලදී. නමුත් මෙතෙක් පැවති සමෘද්ධි සහ අනෙකුත් සුබසාධක දීමනා ලබා ගන්නා පිරිසක් සූක්ෂම කප්පාදු කරමින් අස්වැසුම නමින් වෙස්වලාගෙන පැමිණ ඇත්තේ ඓMF කොන්දේසි සපුරාලීමට ජනාධිපතිවරයා විසින් මෙරට සුබසාධක ප්‍රතිලාභ ගත් පිරිසක් මෙවැනි ආර්ථික දුෂ්කරතා මැද්දේ කබලෙන් ලිපට ඇද දැමීමකි.
 
සුබසාධක ගෙවීම කාණ්ඩ  කිහිපයක් යටතේ නම් කර ඇති අතර සංක්‍රාන්තික පවුල් සඳහා දෙසැම්බර් 31 දක්වා රු.2500ක්ද,  අවදානමට ලක් වූ පවුල් සඳහා 2024 මාර්තු 31 දක්වා 5000 බැගින්ද, දුප්පත් පවුල් සඳහා ජූලි 21 සිට වසර 3ක් දක්වා 8500 බැගින්ද, අන්ත දිළිඳු පවුල් සඳහා ජූලි 21 සිට වසර 3ක් දක්වා 15000 බැගින්ද ගෙවන බවත් සහ වෙනස් හැකියාවන් සහිත තැනැත්තන් හා වකුගඩු ආධාර ලබන අය සඳහා මාසිකව 5000 බැගින්ද, වැඩිහිටි ආධාර ලබන අය සඳහා මාසිකව 2500 බැගින්ද ගෙවන බව සඳහන් විය. නමුත් දැන් සිදුව ඇත්තෙ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. ජූලි 1 දා සිට මේ වන විට මාස 2කටත් ආසන්න වී ඇති නමුත් මේ කිසිදු ප්‍රතිලාභයක් ලැබී නොමැත අතර එදිනෙදා සාමකාමීව ජිවත් වූ  සමහර පිරිස්  කණ්ඩායම් වලට බෙදී ආරවුල් ඇති කර ගන්නා තත්ත්වයට පත්ව ඇත. අස්වැසුම සාමකාමී ජනතාවක් එකිනෙකා කෙරෙහි වෛරයෙන් රණ්ඩුකරගන්නා අක්‍රමවත් අසාධාරණ සුබ සාධක ක්‍රමයක් වී ඇති බව දක්නට ලැබේ.
 
අස්වැසුම ප්‍රතිලාභ  සදහා සුදුසු තැනැත්තන් සහ පවුල් තොරා ගැනිමෙදි මානයන් 6 ක් සහ දර්ශක 22 අනුගමනය කර ඇත. අධ්‍යාපන, සෞඛ්‍ය, ආර්ථික මට්ටම, වත්කම්,නිවාස තත්ත්වයන් එම මානයන් වන අතර පවුලේ සාමාජිකයන්ගෙ අද්‍යාපන මට්ටම වයස අවුරැදු 5-16 අතර පාසල් නොයන ලමයින් සංක්‍යාව,දිගුකාලීන ව නිදන්ගත් රොගවලින් පෙලෙන පවුලෙ සාමාජිකයන් ,ආබාධ සහිත පවුලේ සාමාජිකයන්,මාසික ඒක පුද්ගල වියදම,මාසික ඒක පුද්ගල ආදායම, මසකට ඒකක 60 කට වඩා අඩු විදුලි පරිබොජනය ආදී දර්ශකයන්  ද එ අතර වෙයි. නමුත් තාමත් ප්‍රශ්නයක් ව ඇත්තෙ මෙම දර්ශකයන් ට අනුවම මෙය සිදු වුනාද යන්නය. එය එසෙ ව් තිබුනා නම් අද අප හට පාරට බැසීමට සිදු නොවනු ඇත.
 
අස්වැසුම ප්‍රතිලාභ ලබා දිම සදහ සමික්ශනයන් සිදු කරන නිලධාරීන් සම්බන්ධයෙන් නිසි නියාමයක් සිදු කලාද? ප්‍රාදේශීය ලෙකම්වරඋන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් ඊට අදාල සමික්ශන නිලධාරීන් නිසි ලෙස නියාමනයකට ලක් වුවාද?මෙ සම්බන්ධයෙන් සිතිමට ඇත්තෙ අස්වැසුම ප්‍රතිලාභ ලබාදිම සදහා සිදුකරන සමීක්ෂණ වල හා වගකිවයුතු නිලධාරීන්ගෙ නොසැලකිලිමත් කමින් සිදු වුවක් බවයි. එසේම රජය විසින් මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ද නිසි ලෙස සිදු වී නොමැත. එම නිසා නිසි දිනට අයදුම් පත්‍ර භාරනොදීම නිසා අස්වැසුම අහිමි වූ පිරිසක්ද වේ.  රටෙ පවතින ආර්ථික තත්ත්වය නිසා හරි හැටි කුලී වැඩක්වත් කරගැනීමට නොහැකි අවස්ථාවෙදි රජයේන් කියා ලබාදුන් සහනාධාරය ද අහිමිව ගොස් ඇත.  
 
 කවුරු කුමන කතා කීවත් අවසානයෙ තැලෙන්නෙ පොඩ්වන්නෙ අසරණ ජනතාව බව කිව යුතුය .දෙයක් වෙ නම් එය සුදුස්සාට ලැබිය  යුතුමයි. නිකන් දෙන නිසා  යානවාහනවල යන සුපිරි සැපවත් ජිවිත ගත කරන නොනා මහත්වරුද අස්වැසුමෙන් අස්වැසෙන්නට අවශ්‍ය නැත.මන්ද එයින් අස්වැසිය යුත්තෙ වචනයෙ පරිසමාප්තියෙන්ම නැති බැරි උන්‍ ය. ඒ පමණක් නොව යැපුම් මානසිකත්වයක් ජනතාව කෙරෙහි ඇති කර ඉන් දේශපාලන වැසි ලබා ගන්නා දේශපාලුවන්ද මේ සඳහා වගකිවයුතු බව ජනතාව ද තේරුම් ගත යුතුය..
 
- සටහන - 
 

නිලූකා රංජනී - ප්‍රොටෙක්ට් වෘත්තීය සමිතිය