ගුරු පුරප්පාඩු ගැන විශේෂ තීරණයක්!

ගුරු පුරප්පාඩු ගැන විශේෂ තීරණයක්!
උපාධිධාරී ගුරුසේවයේ පුරප්පාඩු පිරවීම සඳහා විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පසුගියදා ප්‍රකාශකරන ලදී.
 
ඒ අනුව ගුරුසේවයේ විශ්‍රාම ගිය සහ සේවය හැරගිය පිරිස් හේතුවෙන් ඇති වී ඇති පුරප්පාඩු පිරවීමට අදාළ කැබිනට් පත්‍රිකාව මඟින් පළාත් සභා සඳහා බලය ලබාදෙන බව පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පැවසීය.
 
ගණිත, විද්‍යා සහ තාක්ෂණ ගුරුවරුන් 5,400ක් බඳවා ගැනීමට මේ වනවිටත් පළාත් සභා සඳහා අවස්ථාව දී ඇති බව ද ඔහු පැවසීය.
 

එසේම ගුරු පුරප්පාඩු 32,000ක් පමණ ඇති බවත් එම පුරප්පාඩු පිරවීමට විවිධ බාධක මතු ව ඇති බවත් ඔහු සඳහන් කළේය.