ශ්‍රී ලංකා මහ බැංකුව සේවක අර්ථසාධක අරමුදල් දේශීය ණය ප්‍රශස්තකරන ක්‍රියාවළියට යොදාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහබැංකුවේ වෘත්තීය සමිති තම විරෝධය පළ කරමින් මහ බැංකුවේ, අර්ථසාධක අරමුල් භාරකාර මණ්ඩලයේ සභාපතිවරයා වෙත ලිපියක් යවා ඇත.
එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, ශ්‍රී ලංකා මහබැංකුව සිය සේවා සේවා නියුක්තිකයන් සතු අර්ථසාධක අරමුදල දේශීය ණය ප්‍රශස්තකරන ක්‍රියාවලිය සඳහා බලහත්කාරයෙන් යොදාගෙන ඇති බවයි.
එම ලිපිය පහතින් දැක්වේ.

