සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක්

සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක්

දූෂිත සෞඛ්‍ය පරිපාලනයට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන ලෙස බල ගන්වමින් සිවිල් සංවිධාන ඒකාබද්ධ මධ්‍යස්ථානය අද උදෑසන 9  සිට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී එක්දින සංකේත සත්‍යග්‍රහයක් ආරම්භ කරන ලදි.

ජනාධිපතිවරයාට සහ රජයට බලකරන සත්‍යග්‍රහය අද සවස 4ට අවසන් වන අතර සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා හා වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය අතර විශේෂ සාකච්ඡාවක් සවස 6 සිට පැවැත්වේ.