මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඩෙංගු රෝග මර්ධන කටයුතු ඉවත් වෙයි

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඩෙංගු රෝග මර්ධන කටයුතු ඉවත් වෙයි

මේ වන විට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අරඹා ඇති වෘත්තීය ක්‍රියා ක්‍රියාමාර්ගයට සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ වගකිව යුතු කිසිදු  නිලධාරියෙකු සැලකිල්ලක් හෝ සාකච්ජාවක්  ලබා නොදීම හේතුවෙන් හෙට දින සිට සියලු ඩෙංගු රෝග මර්ධන කටයුතු ඉවත් වීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණය කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, මේ සම්බන්ධයෙන් මෙම  මස පළවෙනි දින අදාළ ක්‍රියාමාර්ගයට එළැඹෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත සහ සෞඛ්‍ය බලධාරීන්ට දන්වා සිටිය ද ඒ සම්බන්ධයෙන් කිසිදු සැලකිල්ලක් නොදැක්වීම හේතුවෙන් මේම පියවර ගැනීමට සිදුව ඇත. මේ  වන විට ප්‍රදේශ ගණනාවක ඩෙංගු රෝගය දැඩි ලෙස බෝවීම සහ පැතිර යාමේ දැඩි අවදානමක් පවතින කාලසීමාව තුළ ඩෙංගු රෝග මර්ධන කටයුතු වලින් ඉවත්වීමට සිදුවීම පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂක වරැන් කණගායුව පල කර සිටියි

මේ සම්බන්ධයෙන් ජනතාවට ඇතිවන පීඩාවන් පිලිබදව  සෞඛ්‍ය බලධාරීන් වගකිව යුතු අතර මෙම ක්‍රියාමාර්ගයට ද නිසි ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් තවත් දින හතක් ඇතුළත සියලු බෝවන රෝග මර්ධනය සහ ආවේක්ෂණ කටයුතු වලින් මහජන සෞඛ්‍ය පරීක්ෂක ඉවත් කර ගැනීමට කටයුතු කරමින් පවතී. මෙවැනි වෘත්තීය ක්‍රියා මාර්ගයන් විසදා ගැනීමට නොගොස් වර්ජන ක්‍රියාමාර්ගයන් වැඩිදියුණු වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය බලධාරීන් ඉඩ ලබා දී ඇත්තේ මහජනතාවට නොමිලේ ලබා දෙන සෞඛ්‍ය සේවාව ලබාගැනීමට  අයිතිය නැති කිරීමේ කූට උපක්‍රමයක් මත බව සෞඛ්‍ය පරීක්ෂකවරු පෙන්වා දෙයි.

ඉතා පහසුවෙන් විසඳිය හැකි සරල කාරණා කිහිපයක් සම්බන්ධව දිගින් දිගටම කරන ලද ඉල්ලීම් කිසිදු ආකාරයක සැලකිල්ලකින් තොරව කටයුතු කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බැවින් මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා සහ දිරියේදී ඇතිවන දැඩි බෝවන රෝග පැතිරයාමේ අවදානම වළක්වා ගැනීම සඳහා මෙන්ම මෙම ක්‍රියාවලිය තුලින්  මහජනතාවට ඇති විය හැකි බාධාවන් අවම කර ගැනීම සඳහා අවශ්‍ය මැදිහත්වීම සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය දෙපා දෙපාර්තමේන්තුව සියලූ බලධාරීන් අවශ්‍ය පියවර ගනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු එසේ නො නොමැතිව මහජනතාව කබලෙන් ලිපට හෙළීමට අදාළ බලධාරීන් කටයුතු කරන්නේ නම් එම සියලු වගකීම් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් භාරගත යුතු බවද අවධාරණය කරමු.