වෛද්‍ය සැපයුම් අංශයේ ඉමියුනෝග්ලොබියුලින් වලට අදාල ගබඩාව තාම වහාලා

වෛද්‍ය සැපයුම් අංශයේ ඉමියුනෝග්ලොබියුලින් වලට අදාල ගබඩාව තාම වහාලා

ව්‍යාජ ඉමියුනෝග්ලොබියුලින් වලට අදාල සැපයුම්භාර නිලධාරියා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරලා මාසයකට වැඩියි. තවම ගබඩා අංක හයට අදාල සැපයුම් භාර ගැනීමට නිලධාරියෙකු පත් කර නැහැ.

එම ගබඩාවට අදාල ඉමියුනෝග්ලොබියුලින්, ප්‍රති සර්ප විෂ එන්නත්, ඇල්බියුමින්, ඇනොක්සිපාරින් වැනි අති සංවේදී ඖෂධ වෛද්‍ය සැපයීම් අංශය වටේ යනවා. අනිවාර්‍ය ශීත දාම තුල කළමනාකරණය කලයුතු එවන් ඖෂධ එලෙස එහේ මෙහේ රස්තියාදු කරවීම ඖෂධයේ ගුණාතමක බවටත්, කාර්යක්ෂමතාවයටත් හානි කරයි.  වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්ෂක වරයෙක් පත් කලාට වෙනසක් නෑ. කඩිනමින් විසඳුම් අවශ්‍යයි.

වෛද්‍ය සැපයීම් අංශයේ දැනටමත් ඖෂධ 156ක ප්‍රමාණයක් නැහැ. තවත් ඖෂධ 110ක තොග පවතින්නේ මාසයක පමණ කෙටි කාලයකට පමණයි. ඒ අනූව අපිට ජනවාරිය පටන් ගන්න වෙන්නෙම ඖෂධ තුන්සියයක පමණ හිඟයක් එක්ක. ඖෂධ වර්ග 86ක් රෝහල් ගබඩාවල පවා නැහැ. මොකක්ද්ද මේ හිඟය නැති කරන්න නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්ගේ සැලැස්ම. කවදා වෙනකොටද හිඟ ඖෂධ ටික රෝගීන් වෙණුවෙන් ලබා දෙන්නේ. පුටු රත් කරන්න නිලධාරීන් පත් කරන්නේ නැතුව වහාම ඔවුනගේ වැඩ සැලැස්මක් ලබා ගන්න කියලා අපි සෞඛ්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලනවා. ඒ වැඩ පිළිවෙල රටට ඉදිරිපත් කරන්න. සෞඛ්‍ය සේවාව ගොඩ ගැනීම සඳහා ඉලක්කගත වැඩ පිළිවෙලක් එක්ක වැඩකරන නිලධාරීන් අත්‍යවශ්‍යයි. ඒ සඳහා ඔවුන්ව පාළණය කරන එක රජයේ වගකීමක්.

| රවී කුමුදේශ්

සභාපති

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය