මානව හිමිකම්  පිළිබඳ  පාර්ලිමේන්තු සංසදයේ නව සභාපති වසන්ත යාපාබණ්ඩාර

මානව හිමිකම්  පිළිබඳ  පාර්ලිමේන්තු සංසදයේ නව සභාපති වසන්ත යාපාබණ්ඩාර

මානව හිමිකම් පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපාබණ්ඩාර  මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු ජයන්ත සමරවීර සහ ගරු උදයන කිරිඳිගොඩ මහත්වරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් 2023.12.07 එම සංසදය පළමුවරට රැස්වූ අවස්ථාවේදී තෝරා පත්කර ගන්නා ලදී.

 නියෝජ්‍ය සම සභාපතිවරුන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු උදයන කිරිඳිගොඩ, ගරු ලලිත් එල්ලාවල සහ ගරු කේ. පී. එස්. කුමාරසිරි යන මහත්වරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වීරසුමන වීරසිංහ සහ ගරු (වෛද්‍ය) තිලක් රා‍ජපක්ෂ යන මහත්වරුන් තෝරා පත්කර ගෙන ඇත.

කමිටුවේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් දක්වමින් කමිටු සභාපතිවරයා, මානව හිමිකම් පිළිබඳව මූලිකව  කාරක සභාවට අවබෝධයක් ලබාගැනීමේ  අවශ්‍යතාවය සිහිපත් කළේය. ඒ අනුව මානව හිමිකම් විෂය සම්බන්ධව ප්‍රමාණික  දැනුමක්  සහිත  සම්පත් දායකයෙකු කාරක සභාව හමුවට කැඳවා අදාළ  දැනුවත් භාවය ලබාගැනීමට තීරණය කෙරිණි.

මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ( මහාචාර්ය ) චරිත හේරත්, මොහමඩ් මුසම්මිල් , නිමල් පියතිස්ස,ගරු (වෛද්‍ය) තිලක් රා‍ජපක්ෂ, වීරසුමන වීරසිංහ කේ. පී. එස්. කුමාරසිරි , ජයන්ත සමරවීර, ලලිත් එල්ලාවල, උදයන කිරිඳිගොඩ යන මහත්වරුන් සහභාගි විය.