අනපේක්ෂිත අසාත්මිකතා, එදා ඖෂධ වරදින් කිව්ව අයම, අද ඒවා සාමාන්‍යකරණය කරන්න හදනවා

අනපේක්ෂිත අසාත්මිකතා, එදා ඖෂධ වරදින් කිව්ව අයම, අද ඒවා සාමාන්‍යකරණය කරන්න හදනවා

කොළඹ ජතික රෝහලට ඇතුලත් කල රෝගියෙකු සඳහා එන්නතක් ලබා දීමෙන් පසු බරපතල සංකූලතා මතුවීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබෙනවා

එම රෝගියාට ලබා දී ඇත්තේ සෙෆ්ට්‍රියක්සෝන් (Ceftriaxone) නැමති ප්‍රතිජීවක එන්නතකි. මීට කලකට ඉහතදී දැඩි ආන්දෝලනයට ලක්වූ මහනුවර ජාතික රෝහලේ කාන්තාවක් මියයෑමේ සිද්ද්ධියට අදාල වූයේද මෙම ඖෂධයම වන අතර, මෙම ඖෂධට වෙනත් බහු ජාතික සමාගමකට අයත් ඖෂධයක් බැවින්, ඖෂධයේ කිසිදු වරදක් නැති බව පූර්ව වශයෙන්ම තහවුරු කිරීමට ඇතැම් පාර්ශව මේ වන විටත් උත්සාහ ගනිමින් සිටී.

වාර්ථාවන අන්දමට මෙම රෝගියා පපුවේ මහන්සිය සඳහා (9) දින රෝහල ඇතුලත් වී ඇති අතර, ප්‍රතිකාර සඳහා විශේෂඥ වෛද්‍ය නිර්දේශය මත සෙෆ්ට්‍රියක්සෝන් ප්‍රති ජීවක එන්නත ලබා දී තිබේ.

එන්නත ලබා දෙනවාත් සමගම තමාගේ අත පනනැති වෙන බවට රෝගියා පැමිණිලි කර තිබෙන අතර පසුව ඇතිවූ දැඩි  සංකූලතා හේතුවෙන් දැඩි සත්කාර ගත කොට තිබේ. දැඩි සත්කාර ඒකකයේදී සිදු කල පරීක්ෂණ වලට අනූව ඔහුගේ රුධිර පීඩනය සහ පෙනහැල්ලේ ඔක්සිජන් ප්‍රතිශතය දැඩි ලෙස අඩු වී ඇති බව වාර්ථා වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පුටු මාරුවත් සමගම හොර බෙහෙත් සහ බාල බෙහෙත් පිළිබඳ කථාව යට ගැසීමේ විශාල වෑයමක්ද, සියල්ල සාමාන්‍ය සිදුවීම් බවට පරිවර්තනය කිරීමේ උත්සාහයක්ද පවතින බව පෙනෙන්නට තිබේ. නමුත් බාල බෙහෙත් සහ හොර බෙහෙත් පිළිබද රට තුල ඇති බරපතල අවධානම සහා ඒවා ගෙන්වීමට ඇති ක්‍රමය මෙතෙක් වෙනස් වී නොමැති බැවින්, එකම වරද සුජාතකරණය නොකරමින් මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කිරීම වර්ථාමණ සෞඛ්‍ය ඇමතිවරයාගේ වගකීමක් බව අප අවධාරණය කරමු.

| රවී කුමුදේශ්

සභාපති

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය