වෛද්‍ය වෘත්තීයවේදීන්ට පත්වීම්

වෛද්‍ය වෘත්තීයවේදීන්ට පත්වීම්

සුවපත් ජාතිකයක් බිහි කිරීමේ අරමුණ පෙරදැරිව කාර්යක්ෂම, ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් පවත්වා ගෙන යාම වෙනුවෙන් ඖෂධවේදීන්, මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පීන්, අක්ෂි තාක්ෂණවේදීන්, පාසල් දන්ත චිකිත්සකයින්, අංගාදේශක හා ඍජුකරණඥයින් සුව සේවාවට එක් කර ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානොත්සවය සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් (20) දින පෙරවරු 10.00 ට බොරැල්ල වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනයට අනුබද්ධ අධ්‍යයන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුුතු සුදානම් කර ඇත.

මෙහිදී,

  • ඖෂධවේදීන් ලෙස 2016 හා 2017 යන වර්ෂයන් වලදී අ.පො.ස (උසස් පෙළ) විභාගයේ විද්‍යා විෂය ධාරාවන්ගෙන් සුදුසුකම්ලත් අයදුම්කරුවන් ඖෂධවේදී පුහුණූ පාසල් වලට බදවා ගෙන වසර 2 ක ඩිප්ලෝමා පුහුණූව සාර්ථකව අවසන් කරන ලද අභ්‍යාසලාභීන් 163 දෙනෙකු සදහා පත්වීම් ලබාදීමට නියමිතය.
  • මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පීන්  ලෙස 2016 හා 2017 යන වර්ෂයන් වලදී අ.පො.ස (උසස් පෙළ) විභාගයේ විද්‍යා විෂය ධාරාවන්ගෙන් සුදුසුකම්ලත් අයදුම්කරුවන් මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පී පුහුණු පාසල් වලට බදවා ගෙන වසර 1 මාස 3 ක ඩිප්ලෝමා පුහුණුව සාර්ථකව අවසන් කරන ලද අභ්‍යාසලාභීන් 56 දෙනෙකු සදහා පත්වීම් ලබා දීමට නියමිතය.
  • අක්ෂි තාක්ෂණවේදීන් ලෙස 2016 හා 2017 යන වර්ෂයන් වලදී අ.පො.ස (උසස් පෙළ) විභාගයේ විද්‍යා විෂය ධාරාවන්ගෙන් සුදුසුකම්ලත් අයදුම්කරුවන් අක්ෂි තාක්ෂණවේදීන් පුහුණු පාසල් වලට බදවා ගෙන වසර 2 ක ඩිප්ලෝමා පුහුණුව සාර්ථකව අවසන් කරන ලද අභ්‍යාසලාභීන් 4 දෙනෙකු සදහා පත්වීම් ලබාදීමට නියමිතය.
  • පාසල් දන්ත චිකිත්සකයින් ලෙස 2016 හා 2017 යන වර්ෂයන් වලදී අ.පො.ස (උසස් පෙළ) විභාගයේ විද්‍යා විෂය ධාරාවන්ගෙන් සුදුසුකම්ලත් අයදුම්කරුවන් පාසල් දන්ත චිකිත්සකයින් පුහුණු පාසල් වලට බදවා ගෙන වසර 2 ක ඩිප්ලෝමා පුහුණුව සාර්ථකව අවසන් කරන ලද අභ්‍යාසලාභීන් 13 දෙනෙකු සදහා පත්වීම් ලබාදීමට නියමිතය.
  • අංගාදේශක හා ඍජුකරණඥයින් ලෙස 2016 හා 2017 යන වර්ෂයන් වලදී අ.පො.ස (උසස් පෙළ) විභාගයේ විද්‍යා විෂය ධාරාවන්ගෙන් සුදුසුකම්ලත් අයදුම්කරුවන් අංගාදේශක හා ඍජුකරණඥ පුහුණු පාසල් වලට බදවා ගෙන වසර 2 ක ඩිප්ලෝමා පුහුණුව සාර්ථකව අවසන් කරන ලද අභ්‍යාසලාභීන් 6 දෙනෙකු සදහා පත්වීම් ලබාදීමට නියමිතය. 

මෙම පත්වීම්ලාභීන් රාජකාරී අවශ්‍යතාවය මත දිවයින පුරා රෝහල් සදහා අනුයුක්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත.