සුව සේවාවේ අතුරු වෛද්‍ය සේවා සහ පරිපුරක වෛද්‍ය සේවාවේ පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ

සුව සේවාවේ අතුරු වෛද්‍ය සේවා සහ පරිපුරක වෛද්‍ය සේවාවේ පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ

මෙරට  නිදහස් සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනය වෙනුවෙන්  දීර්ඝකාලීනව සිදු කරනු ලැබූ සෞඛ්‍ය ආයෝජනය  2024 වසරේ රුපියල් බිලියන 410 දක්වා රජය වැඩිකර තිබෙන බවත්, එම මුදල මෙරට ජනතාවගේ සෞඛ්‍ය යහපැවැත්ම වෙනුවෙන් රජය කළ ආයෝජනයක් බව ද  සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කරන ලද්දේ සුවපත් ජාතිකයක් බිහි කිරීමේ අරමුණ පෙරදැරිව කාර්යක්ෂම, ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් පවත්වා ගෙන යාම වෙනුවෙන් ඖෂධවේදීන්, මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පීන්, අක්ෂි තාක්ෂණවේදීන්, පාසල් දන්ත චිකිත්සකයින්, අංගාදේශක හා ඍජුකරණඥයින් සුව සේවාවට එක් කර ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානොත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස  සහභාගි වෙමිනි.

එම උත්සවය (20) දින පෙරවරුවේ බොරැල්ල වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනයට අනුබද්ධ අධ්‍යයන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.

මෙහිදී

Ø  ඖෂධවේදීන් ලෙස 2016 හා 2017 යන වර්ෂයන් වලදී අ.පො.ස (උසස් පෙළ) විභාගයේ විද්‍යා විෂය ධාරාවන්ගෙන් සුදුසුකම්ලත් අයදුම්කරුවන් ඖෂධවේදී පුහුණූ පාසල් වලට බදවා ගෙන වසර 2 ක ඩිප්ලෝමා පුහුණූව සාර්ථකව අවසන් කරන ලද අභ්‍යාසලාභීන් 163 දෙනෙකු සදහා පත්වීම් ලබාදිමටත්,  

Ø  මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පීන්  ලෙස 2016 හා 2017 යන වර්ෂයන් වලදී අ.පො.ස (උසස් පෙළ) විභාගයේ විද්‍යා විෂය ධාරාවන්ගෙන් සුදුසුකම්ලත් අයදුම්කරුවන් මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පී පුහුණු පාසල් වලට බදවා ගෙන වසර 1 මාස 3 ක ඩිප්ලෝමා පුහුණුව සාර්ථකව අවසන් කරන ලද අභ්‍යාසලාභීන් 56 දෙනෙකු සදහා පත්වීම් ලබාදීමටත්,

Ø  අක්ෂි තාක්ෂණවේදීන් ලෙස 2016 හා 2017 යන වර්ෂයන් වලදී අ.පො.ස (උසස් පෙළ) විභාගයේ විද්‍යා විෂය ධාරාවන්ගෙන් සුදුසුකම්ලත් අයදුම්කරුවන් අක්ෂි තාක්ෂණවේදීන් පුහුණු පාසල් වලට බදවා ගෙන වසර 2 ක ඩිප්ලෝමා පුහුණුව සාර්ථකව අවසන් කරන ලද අභ්‍යාසලාභීන් 4 දෙනෙකු සදහා පත්වීම් ලබාදීමටත්,

Ø  පාසල් දන්ත චිකිත්සකයින් ලෙස 2016 හා 2017 යන වර්ෂයන් වලදී අ.පො.ස (උසස් පෙළ) විභාගයේ විද්‍යා විෂය ධාරාවන්ගෙන් සුදුසුකම්ලත් අයදුම්කරුවන් පාසල් දන්ත චිකිත්සකයින් පුහුණු පාසල් වලට බදවා ගෙන වසර 2 ක ඩිප්ලෝමා පුහුණුව සාර්ථකව අවසන් කරන ලද අභ්‍යාසලාභීන් 13 දෙනෙකු සදහා පත්වීම් ලබාදීමටත්,

Ø  අංගාදේශක හා ඍජුකරණඥයින් ලෙස 2016 හා 2017 යන වර්ෂයන් වලදී අ.පො.ස (උසස් පෙළ) විභාගයේ විද්‍යා විෂය ධාරාවන්ගෙන් සුදුසුකම්ලත් අයදුම්කරුවන් අංගාදේශක හා ඍජුකරණඥ පුහුණු පාසල් වලට බදවා ගෙන වසර 2 ක ඩිප්ලෝමා පුහුණුව සාර්ථකව අවසන් කරන ලද අභ්‍යාසලාභීන් 6 දෙනෙකු සදහා පත්වීම් ලබාදීමටත් කටයුතු සිදු කෙරිනි.

මෙම නව පත්වීම්ලාභීන් දිවයින පුරා පිහිටි රජයේ රෝහල්වල සහ සෞඛ්‍ය ආයතනවලට  රාජකාරී අවශ්‍යතාවය අනුයුක්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගැනිනි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වමින්  සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ....

මෙරට සෞඛ්‍ය සේවාව සෞඛ්‍ය දර්ශක අතින් ඉදිරියට ගොස් තිබුනත්  මුහුණදෙන අභියෝග රැසක් වර්තමානයේ ඇති බවත්,  එහි ප්‍රධාන කරුණක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ද  සදහන් කරන පරිදි සර්ව සෞඛ්‍ය ආවරණය තත්ත්වයෙන් ලංකාව 67 % මට්ටමේ පසුවන බව ද පැවැසීය. භෞතික, යටිතල පහසුකම් සහ මානව සම්පත්වල සංවර්ධනයත් සමග පවතින අඩුපාඩු සපුරා ගනිමින්  තවත්   ඉදිරියට යා හැකි බව ද පැවැසිය.  ජපානයේ  සර්ව සෞඛ්‍ය ආවරණය සියයට 85 දක්වා වැඩි වි තිබෙන බවත්, මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණය, ද්වීතියක ප්‍රතිකාර සේවා, ශක්තිමත් කිරිම තුලින් ඉදිරියට යා හැකි බව ද පෙන්වා දෙන ලදි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ....

“ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ 146,000 ක් සේවය කරනවා. වෛද්‍යවරුන් 23,000 ක්, හෙද හෙදියන් 42,000 ක්, අනෙකුත් පරිපුරක අතුරු වෛද්‍ය සේවා සහ අනෙකුත් සේවාවල  10,000 ක් පමණ  සේවය කරනවා. මෙය  දෙවෙනි වන්නේ 250,000 ක් පමණ සේවය කරන අධ්‍යාපන සේවයට සහ ආරක්ෂක සේවයට පමණයි.”

“පසුගිය සියවස අපි සැළකුවහොත් 1923-2023 දක්වා වසර සියයක කාලය තුල සිදුවුණ වැදගත්ම සිදුවිම 1945 දි රාජ්‍ය මන්ත්‍රණ සභාවට එවකට හිටපු අධ්‍යාපන අමාත්‍ය දිවංගත ආචාර්ය සී. එඩබිලිව්.එඩබිලිව් කන්නංගර මැතිතුමා විසින් නිදහස් අධ්‍යාපන පනත ඉදිරිපත් කිරීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස දරුවෝ විශ්ව විද්‍යාලයට ගියා. එම විශ්ව විද්‍යාලයට ගිය දරුවන්ගේ දරුවෝ අද මේ රටේ පමණක් නොව විදෙස් රටවලත් ගිහින් අධ්‍යාපනය ලබමින් විදේශ රටවල විවිධ අංශ වලට සේවා සපයනවා. නිදහස් අධ්‍යාපනයට පිං සිද්ධ වෙන්න තමයි ඔබලා අද මෙතනට පැමිණ තිබෙන්නේ. ප්‍රාථමික, ද්විතීයික සහ තෘතියීක අධ්‍යාපනය නොමිලේ ලබාගත් පිරිසක් වගේම රජයේ සේවයට එකතු වෙලා රජය මගින් විශාල වශයෙන් ආයෝජනය කරන සෞඛ්‍ය ක්ෂේත්‍රයට එකතු වෙලා තිබෙනවා.” යනුවෙන් ද පැවසීය. 

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ  අතිරේක ලේකම්වරුන්වන ගීතාමනී කරුණාරත්න, වත්සලා ප්‍රියදර්ශණී, සුනිල් ගලගම, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් ද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, ඡ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන්, අධ්‍යක්ෂවරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.