රෝහල් කාර්යමණ්ඩල අද වර්ජනයක

රෝහල් කාර්යමණ්ඩල අද වර්ජනයක

ආර්ථික යුක්තිය උදෙසා රුපියල් තිස් පන්දහසක දීමනාවක් ඉල්ලා අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ගන්නා බව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සංසන්ධානයේ, කැඳවුම්කරු රවි කුමුදෙස් මහතා පවසා සිටිනවා.

ඒ අනුව පරිපාලන නිලධාරීන්, සෞඛ්‍ය කළමනාකරණ සහකාර වරුන්, සංවර්ධන නිලධාරින්,  උපස්ථායකවරුන්, රෝහල් සෞඛ්‍ය කාර්යය සහායකයන්, ඇතුළු සියලූ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අද (11) දින උදෑසන 6 සිට පසුදා උදෑසන 8 දක්වා වර්ජන ක්‍රියාමාර්ගයට සහයෝගය පළකරමින් සේවයෙන් ඉවත් වීමට තීරණය කරන ලද බව වැඩිදුරටත් පවසා සිටිනවා.