ප්‍රොටෙක්ට් සංගමයට නව නිලධාරි මණ්ඩලයක්

ප්‍රොටෙක්ට් සංගමයට නව නිලධාරි මණ්ඩලයක්

ප්‍රොටෙක්ට් සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීම පසුගියදා කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව  මධ්‍යස්ථානයේදී පැවැත්විණි. එහිදී 2023 වසරේ සංගමයේ ප්‍රමිති සමාලෝචනය සිදු කිරීම  සහ නව නිළධාරී මණ්ඩලයක් පත් කරගැනීම සහ ඉදිරි වසරේ ඉලක්ක සහ සිදු කළ යුතු ක්‍රියාකාරකම් පිළිබඳව සැලසුම් කිරීම සිදු විය. 2022 වාර්ෂික මහා සභා රැස්වීමේ වාර්තාව ඉදිරිපත් කිරීම ලේකම් කල්ප මධුරංග මහතා විසින් ඉදරිපත් කරන ලද අතර 2023 වර්ෂයේ අය වැය වාර්තාව ඉදිරිපත් කිරීම  භාණ්ඩාගාරික ලසන්ත කුමාර සහෝදරයා සහ මනොජනී සහෝදරිය විසින් සිදු කරන ලදී.

මෙහිදී සංගමයේ 2023 - 2027 උපාය මාර්ගික සැලැස්ම අනුව යමින් 2024 වසරේදී සංගමයේ ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්චා කරන ලදී. මේ සඳහා එක්සත් කම්කරු සම්මේලනයේ සභාපති නීතිඥ සවස්තිකා අරුලිංගම් සහභාගී වූ අතර ඇය කියා සිටියේ අවිධිමත් අංශයේ කම්කරුවන් සංවිධානය කිරීම මගින් අවිධිමත් අංශයේ කම්කරු අයිතිවාසිකම් දිනා ගැනීම වේගවත් කළ යුතු බවයි.

හැටන්, කොළඹ සහ ලක්ෂපාන ශාඛා වල මහ සභා රැස්වීම් වලදී තේරී පත් වූ නිළධාරීන් සහ සංවිධායකයින් මේ සඳහා සහභාගී විය.  ශාඛා වල සභාපති වරු විසින් තම ශාඛා වල වර්ධනය පිළිබඳව ඉදිරිපත් කිරීම් සිදු කළ අතර නව නිළධාරී මණ්ඩලය පහත පරිදි සාමාජිකයන්ගේ යෝජනා ස්ථිර කිරීම් අනුව පත් කර ගන්නා ලදී.

සභාපති කේ. මයිතිලී, උප සභාපති එච්.ඩබ්. තනූජා දිල්රුක්ෂි, ලේකම් කේ.ඒ. කල්ප මධුරංග, උප ලේකම් ටී. ක්‍රිෂාන්තිනී, භාණ්ඩාගාරික එච්.අයි. ලසන්ත කුමාර, කමිටු සාමාජික දමයන්ති දිල්රුක්ෂි, කමිටු සාමාජික එස්. උදයරාණි, කමිටු සාමාජික එම්.එස්. අෂිනි, කමිටු සාමාජික කේ.එම්. චතුරිකා ප්‍රියදර්ශනී, කමිටු සාමාජික එල්.ආර්. ඉඳුනිල් ලක්මාලි, කමිටු සාමාජික ටී. රිද්මා පීරිස් යන මහත්ම මහත්මීන් තේරී පත්විය.