අවිධිමත් අංශය සංවිධානය වෙමින් සිටී... විසඳුම් නොදුන්නොත් සටන් මගට

අවිධිමත් අංශය සංවිධානය වෙමින් සිටී... විසඳුම් නොදුන්නොත් සටන් මගට

සංවිධානය වෙමු! මීට වඩා යහපත් ජිවිතයක් දිනා ගැනීම සඳහා පෙළගැසෙමු!" නමින් දීප ව්‍යාප්ත දැනුවත් කිරීමේ වැඩසටහනක් (Campaign) ප්‍රොටෙක්ට් සංගමය විසින් ආරම්භ කරන ලදී. මෙහි දී අත් පත්‍රිකා බෙදමින් අවිධිමත් අවිධිමත් අංශයේ රැකියාවල නියුතු කම්කරුවන් වෘත්තීය සමිතිගත වීමේ වැදගත්කම සහ කාලීන අවශ්‍යතාවය පිළිබඳව දැනුවත් කරන ලදී.

ඊයේ (04) දින හැටන් නගරයෙන් ආරම්භ කරන ලද මෙම වැඩසටහන ඉදිරි සති කිහිපය තුළ නුවර එළිය දිස්ත්‍රික්කය ආවරණය කිරීමට බලාපොරොත්තු වන බව සංගමයේ සභාපති කරුපයියා මයිතිලී ප්‍රකාශ කරන ලදී. මෙරට ශ්‍රම බලකායෙන් 70%ක් පමණ වන අවිධිමත් අංශයේ රැකියාවල නියුතු වූවන් පවතින ආර්ථික අර්බුධය හමුවේ අතිශය පීඩාවන්ට පත්වන අතර ඔවුන් ඉතා දුෂ්කර කොන්දේසි හමුවේ රැකියාවන් සිදු කරයි.

නමුත් මෙතෙක් කිසිදු රජයක් මොවුන් වෙනුවෙන් කිසිදු වැඩපිළිවෙලක් සකස් කර නොමැත. අවිධිමත් අංශයේ කම්කරුවන් සංවිධානය කරමින් ඔවුන් වෙනුවෙන් සමාජ ආරක්ෂණ ක්‍රමයක් දිනා ගැනීමටත්, සමාජයේ පිළිගැනීමක් සහිත කම්කරු පිරිසක් බවට පත් කර ගැනීමත් සංගමයේ අරමුණ බව මයිතිලී විසින් වැඩි දුරටත් සඳහන් කරන ලදී.      

මෙලෙස ආරම්භ කරන ලද අවිධිමත් අංශයේ කම්කරුවන් දැනුවත් කිරීමේ සහ සංවිධානය කිරීමේ ව්‍යපාරය අයිතිවාසිකම් දිනා ගන්නා සටන් කරන ව්‍යාපාරයක් ලෙසට ඉදිරියේදී ආණ්ඩුවට විශාල බලපෑමක් වනු ඇතැයි ඇය පැවසීය.