සිසුන්ගේ පොත් බෑගය අඩු කිරීමට පියවර

සිසුන්ගේ පොත් බෑගය අඩු කිරීමට පියවර

පාසල් පොත් බෑගයේ බර වැඩවීම නිසා පාසල් සිසුන්ගේ කොඳු ඇට පෙළේ ආබාධ වැනි විවිධ ශාරීරික අපහසුතා ඇතිවිය හැකි බව සෞඛ්‍ය අංශ විසින් පෙන්වා දී ඇත.

ඒ අනුව සිසුන්ගේ පොත් බෑගයේ බර අඩු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශ අවධානය යොමු වී ඇති අතර එහි පියවරක් වශයෙන් තෝරා ගත් පෙළපොත් කාණ්ඩ වශයෙන් මුද්‍රණය කිරීමට මේ වන විටත් අවශ්‍ය පියවර ගෙන ඇත.

අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කර ලද නිවේදනය පහතින් දැක්වේ.