සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව රාජ්‍ය ව්‍යවසායක් ලෙස ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව රාජ්‍ය ව්‍යවසායක් ලෙස ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාවේ එකම ඉන්ධන පිරිපහදුව වන සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව 1969 වර්ෂයේදී ආරම්භ කර ඇති අතර, පිරිපහදු කළ ඛනිජතෙල් නිෂ්පාදන සඳහා වන දේශීය ඉල්ලුමෙන් 25%ක් පමණ එම පිරිපහදුව විසින් සපයනු ලබයි.

අදාළ පිරිපහදුව යාවත්කාලීන කර තවත් වසර 25ක පමණ කාලයක් භාවිත කිරීම පිණිස තීරණාත්මක ආයෝජනයක් සිදු කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇති අතර, ඒ සඳහා අවශ්‍ය ආයෝජනයන් දේශීය සහ විදේශීය පුද්ගලික අංශ මඟින් සපයා ගැනීමට හැකි වන පරිදි සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව වෙනම රාජ්‍ය ව්‍යවසායයක් ලෙස ස්ථාපනය කිරීම යෝග්‍ය බව පෙනී ගොස් ඇත.

ඒ අනුව, සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙන් වෙන් වූ රාජ්‍ය ව්‍යවසායයක් ලෙස ස්ථාපිත කිරීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.