සෞඛ්‍ය සටන නිමයි

සෞඛ්‍ය සටන නිමයි

ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවේදී ඇතිවූ එකඟතා අනුව, සෞඛ්‍ය ලේකම්වරයා ලබා දුන් පහත සඳහන් තීරණ ලිඛිතිව ලබාදීමට කටයුතු කර ඇත  

1. තාක්ෂණික කමිටුවේ නිර්දේශ සදහා ප්‍රතිපත්තිමය එකඟතාවය  ලබාදීමත් එය කොටස් කිහිපයකට ගෙවීමටත් තීරණය විය.

2. එම එකඟතාවයේ පළමු කොටස ඉදිරි මාසයේදී ක්‍රියාත්මක කිරීම සඳහා චක්‍රලේඛය මැයි මස වැටුපට ගෙවීමට හැකිවන පරිදි  නිකුත් කිරීමටත් නිර්දේශිත දීමනාවේ ඉතිරි කොටස ගෙවීම පිළිබඳව සති 4ක් ඇතුළත  තීරණයක් ලබාදීමටත් තීරණය විය.

ඒ අනුව අදාල තීරණ සහ චක්‍රලේඛ සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සියලු සාමාජික සේවාවන්ට අදාලව නිකුත් කිරීම සඳහා සති 03ක කාලයක් ලබාදීමට වෘත්තීය සමිති සන්ධානයේ නායකත්ව මණ්ඩලය ඒකමතිකව තීරණය කළ ලදී.

මෙම තත්ත්වය හමුවේ හෙට (03) දින ආරම්භ කිරීමට නියමිතව තිබූ වර්ජන ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටවූ බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය දන්වා සිටී.