අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් ඇති කිරීම සඳහා අධ්‍යාපන පරිපාලන පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කැබිනට් අනුමැතිව හිමිව තිබේ.
ඒ අනුව රටේ සෑම ශිෂ්‍යයෙකුටම සම ප්‍රවේශ අවස්ථා සහ ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම අරමුණු කරගෙන, “වසර 2048 දී පූර්ණ සංවර්ධිත ශ්‍රී ලංකාවක්” යන දැක්මට අනුකූලව සකස් කර ඇති ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව 2023-2033 මඟින් අධ්‍යාපනයේ සිදු විය යුතු පරිවර්තනීය වෙනස පිළිබඳව කරුණු ඉදිරිපත් කරනු ලැබ ඇත. ඒ අනුව, දීර්ඝකාලීන ඉගෙනුම් ක්‍රමවේදයක් තහවුරු කිරීම සඳහා ආයතනික ව්‍යූහය, විෂයමාලා හා ඇගයීම් ක්‍රමවේදය තුළ නව පරිවර්තනයක් සිදු කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කරනු ලැබ ඇති අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ නිර්දේශ මත පදනම්ව සමස්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කාර්යක්ෂමව හා ඵලදායී අයුරින් ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු පරිපාලන ව්‍යූහයක් ස්ථාපිත කිරීමේ අරමුණින් පහත සඳහන් පරිදි පියවර ගැනීම පිණිස අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:
