ජනපතිගේ තීරණයට එරෙහිව ලංකා ගුරු සංගමය අධිකරණයේ පිහිට පතයි

ජනපතිගේ තීරණයට එරෙහිව ලංකා ගුරු සංගමය අධිකරණයේ පිහිට පතයි

අසනීප නිවාඩු වාර්තා කර ජුලි 8 සහ 9 දෙදින සමස්ත රාජ්‍ය සේවයේ පැවැති වැඩ වර්ජනයේ දී එම වැඩවර්ජනයට සහභාගි නොවු සේවකයින් හට වැටුප් වර්ධයක් ලබාදීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ලංකා ගුරු සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ,

  • SC 4/87 අධිකරණ තීරණයෙන් 1986 වැඩවර්ජන නොකළ අයට ලබාදුන් හොරිකඩ වැටුප් වර්ධක ශූන්‍ය කිරීමේ තීරණයක්
  • වැටුප් වර්ධකයට එරෙහිව ලංකා ගුරු සංගමය අධිකරණයට

ජුලි 8 සහ 9 දෙදින සමස්ත රාජ්‍ය සේවයේ දැවැන්ත වැඩ වර්ජනයක් පැවති අතර, සියලුම ගුරුවරු, විදුහල්පතිවරු, ගුරු උපදේශකවරු සහ පිරිවෙන් ගුරුවරු ඊට සමාන්තරව ජුලි 09 දින අසනීප නිවාඩු වාර්තා කිරීමට කටයුතු කළේය. එහෙත් ආණ්ඩුවේ වරදින් ප්‍රමාද වූ සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ පමණක් පරීක්ෂණයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් පැවැත්වීමට ගුරු වෘත්තීය සමිති තීරණය කළ අතර, අනෙකුත් සමස්ත ගුරුවරු අසනීප නිවාඩු වාර්තා කිරීමට කටයුතු කළේය.

සමස්ත රාජ්‍ය සේවයේ මෙම දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගය ඉදිරියේ වැඩකරන පන්තියේ වැටුප් ඉල්ලීම් ලබාදීම වෙනුවට ආණ්ඩුව එදින සේවයට පැමිණි අතලොස්සට වැටුප් වර්ධක දීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ලබා දී ඇත. ඒ අනුව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ 9 දින සේවයට පැමිණි ගුරුවරුන්ට පමණක් 3-1 ශ්‍රේණියේ ගුරුවරයෙකුට රු.525/- ක්, 2-1 ශ්‍රේණියේ ගුරුවරයෙකුට රු.1335/- ක් හා 1 ශ්‍රේණියේ ගුරුවරයෙකුට රු.1630/-ක වැටුප් වර්ධකයක් විශ්‍රාම වැටුපට බලනොපාන ලෙස ලබාදෙන බවයි.   ගුරු-විදුහල්පති හා සමස්ත වැඩ කරන පන්තියේ ඉල්ලීම් නොසලකා හැර මෙසේ වරදාන වෙනුවෙන් වැටුප් වර්ධක දීමනාවක් ලබාදීමට අප දැඩි විරෝධය පළකර සිටිමු.

1986 වසරේ මාර්තු 18 සිට අප්‍රේල් 6 දින දක්වා පැවති හෙද වැඩ වර්ජනයේ දී එම වැඩවර්ජනයට සහභාගි නොවී අඛණ්ඩව සේවයට පැමිණි හෙදියන්ට වැටුප් වර්ධක දෙකක් සහ කඩින් කඩ සේවයට පැමිණි හෙදියන්ට වැටුප් වර්ධක එකක් ලබාදීමට එවකට පැවති රජයේ කැබිනට් මණ්ඩලය තීරණය කරන ලදී. ඊට එරෙහිව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ීක්‍ 4/87 අකංයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කරන ලද පෙත්සම විභාග කළ විනිසුරු වනසුරන්දර, විනිසුරු එල්.එච්. ද අල්විස් විනිසුරු සෙනෙවිරත්න යන විනිසුරුවරු විසින් එම කැබිනට් තීරණය ශූන්‍ය හා බලරහිත බව ප්‍රකාශ කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන වගන්තියේ අඩංගු සමානාත්මතාව පිළිබඳ විධිවිධාන උල්ලංඝණය වන බව ප්‍රකාශ කරමින් මෙම තීරණය ලබා දී ඇත. එසේම එම අධිකරණ තීරණයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 55(5) ව්‍යවස්ථාව මගින් ලබාදී ඇති බලය අනුව මූලික මිනිස් අයිතිවාසිකමක් උල්ලංඝණය වන අවස්ථාවකදී කැබිනට් තීරණයක් සම්බන්ධයෙන් එවැනි තීරණයක් ලබාදීමට ව්‍යවස්ථාමය අධිකරණ බලයක් ශ්‍රේෂ්ඨාධිකරණය පවරා ඇති බවයි. 

ජනබලයක් නොමැති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් ජුලි 8-9 වර්ජනය නොකළ රාජ්‍ය සේවකයන්ට වරදානයක් ලෙස ලබාදෙන බවට තීරණය කර ඇති වැටුප් වර්ධකය ලබාදුනහොත් මෙම පෙර අධිකරණ තීරණය අනුව ලංකා ගුරු සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කරමු.