හිටපූ කතානායක කරු ජයසූරිය මහතාගේ මැදිහත්වීමෙන් දුම්රිය වර්ජනය නවතී

හිටපූ කතානායක කරු ජයසූරිය මහතාගේ මැදිහත්වීමෙන් දුම්රිය වර්ජනය නවතී

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය (09) දින මාධ්‍යම රාත්‍රීයේ ආරම්භ කළ සංකේත වැඩවර්ජනය නතර කර අද රත්‍රී 12.00 සිට සේවයට වාර්තා කරන බව සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා මොහොතකට පෙර මාධ්‍ය ප්‍රකාශ කර සිටියය.

හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ මැදිහත්වීම මත ඔහුගේ නිවසේ පැවැති සාකච්ඡාවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන හා නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහත්වරුන්ගේ සහභාගි වූ අතර, මෙහෙදී තම ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරක් ලැබීමත් සමග වර්ජනය නවතා දැමීමට කටයුතු කරන බව ප්‍රකාශ කර සිටියේය.

මෙම සාකච්ඡා සඳහා හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ මැදිහත්වීම නොවන්නට මෙම වර්ජනය රටේ සියලූම රාජ්‍ය අංශ එක්වී දීපව්‍යාප්ත වැඩවර්ජනයක් දක්වා ගමන්කළ හැකිව තිබූ බව සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදි.

සබැඳි පුවත්