දුම්රිය සටන දිගමට

දුම්රිය සටන දිගමට

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය හා දුම්රිය පාලකවරුන්ගේ සංගම් විසින් ඊයේ (9) මාධ්‍යම රාත්‍රීයේ ආරම්භ කළ සංකේත වැඩවර්ජනය කිසිම බලපෑමක් මත නතර නොකරන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා අද (10) සවස පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියේය.

දුම්රිය අත්‍යාවශ්‍ය සේවා ගැසට්ටුවක් ඉස්සරහට දමමින් තම ඉල්ලීම් ලබාදීම වෙනුවට තමන්ව මර්දනය කිරීමට උත්සහ කිරීමය දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා කටයුතු කරමින් සිටින බවත් පවසා සිටියා.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා උතුර දකුණ නොදැන කටයුතු කරන බව කී ඒ මහතා දුම්රිය ස්ථානාධිපතිවරු 922 ක නොමැතිව දුම්රිය ධාවනය කරන ආකාරය පිළිබඳව බලාසිටින බවත්, තම සාමාජිකයින්ගේ වගකීම තමන් බාරගන්නා බවත්, ඉදිරියේදී තවත් වෘත්තීය සමිති ගණනාවක් තම සටනට සහයෝගය ලබාදීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

සබැඳි පුවත්