ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගත් හිංසනය පිටුදැකීමට ක්‍රියාකාරී සැලැස්මක්

ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගත් හිංසනය පිටුදැකීමට ක්‍රියාකාරී සැලැස්මක්

ශ්‍රී ලංකාවේ ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගත් හිංසනය පිටුදැකීම සඳහා වූ බහු-ආංශික ජාතික ක්‍රියාකාරී සැලැස්ම II - (2024-2028) සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

 සාධාරණ හා හිංසනයෙන් තොර සමාජ පරිසරයක ජීවත් වීම සඳහා කාන්තාවන්ට, පුරුෂයන්ට, ළමයින්ට සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය තුළ විවිධත්වයක් ඇති සෑම කණ්ඩායමකටම ඇති අයිතිය තහවුරු කිරීම සඳහා ප්‍රතිපත්තිමය මැදිහත්වීම් අවශ්‍ය බැවින් ශ්‍රී ලංකාවේ ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගත් හිංසනය ආමන්ත්‍රණය කිරීම සඳහා වන පළමු ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2012-2020 කාලය තුළ ඒකාබද්ධ ප්‍රවේශයකින් යුතුව ක්‍රියාත්මක කර තිබේ.

එම ක්‍රියාකාරී සැලැස්මෙහි බලපෑම පිළිබඳ සිදු කරන ලද පසුවිපරම් සහ තක්සේරු ක්‍රියාවලියේදී නව ජාතික ක්‍රියාකාරී සැලැස්මක අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇත. ඒ අනුව, අදාළ සියලුම පාර්ශ්වකාර ආයතනවල අදහස් විමසමින් සකස් කරනු ලැබ ඇති ශ්‍රී ලංකාවේ ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගත් හිංසනය පිටුදැකීම සඳහා වූ බහු-ආංශික ජාතික ක්‍රියාකාරී සැලැස්ම II (2024-2028) ක්‍රියාත්මක කිරීම පිණිස කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය වශයෙන්  ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ඇත.