වැවිලි අංශයේ ගුරුවරුන් සවිබල ගැන්වීමේ තීරණයක්

වැවිලි අංශයේ ගුරුවරුන් සවිබල ගැන්වීමේ තීරණයක්

වැවිලි අංශයේ ගුරුවරුන් සඳහා "විද්‍යා වර්ධන/අරිවෙලුච්චි/STEM සවිබල ගැන්වීමේ" ගුරු පුහුණු වැඩසටහන දියත් කිරීමට කැබිනට් අනුමැතිව හිමිව තිබේ.

වැවිලි ප්‍රජාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම පිණිස හඳුනා ගනු ලබන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 3ක ප්‍රදානයක් ලබා දීමට ඉන්දීය රජය විසින් එකඟතාව පළ කර ඇත.

ඒ යටතේ එක් ව්‍යාපෘතියක් වශයෙන් වැවිලි ප්‍රජාවේ සිසුන් අතර විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය (STEM) යන විෂයයන් හැදෑරීම දිරිගැන්වීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම හඳුනා ගනු ලැබ ඇත.

ඒ යටතේ වතුකරයේ පාසල්වල සුදුසුකම් ලත් STEM ගුරුවරුන්ගේ බරපතල හිඟය පියවීම සඳහා "විද්‍යා වර්ධන/අරිවෙලුච්චි/STEM සවිබල ගැන්වීමේ" ගුරු පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා සහ ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.